තරුණයකු මැරූ පොලිසියේ හයක් ගස්
වසර තුනකට පමණ පෙර කන්දකැටිය බෝගහලන්දේදී අත්අඩංගුවට ගත් තරුණයකු මරා දැමීයැයි වැරදිකරුවන් වූ කන්දකැටිය පොලිසියේ හය දෙනකුට බදුල්ල මහාධිකරණ ව...
https://www.sathhanda.com/2017/01/blog-post_64.html?m=0
වසර තුනකට පමණ පෙර කන්දකැටිය බෝගහලන්දේදී අත්අඩංගුවට ගත් තරුණයකු මරා දැමීයැයි වැරදිකරුවන් වූ කන්දකැටිය පොලිසියේ හය දෙනකුට බදුල්ල මහාධිකරණ විනිසුරු රොහාන් ජයරත්න අද මරණ දඬුවම නියම කළේය.
2014 මැයි හත් වැනි දා සැකරකුවන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද, ඔවුන් කළ පහරදීමේදී එක් තරුණයකු මිය ගොස් ඇතැයි ද නඩු විභාගයේදී කියැවිණි.
උප පොලිස් පරීක්ෂක ආර් එම් ජී සෝමරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන බී ඩී පද්මසේන ගමගේ, එස් එම් ආර් පුෂ්පකුමාර, ඩී එම් හේෂාන් පොලිස් ආරක්ෂක සහායක ඩී එම් විජේරත්න සහ සිවිල් ආරක්ෂක එස් එම් ජයසුන්දර මරණ දඬුවම නියම වූවෝ වෙති.
සැකකරුවන්ට රුපියල් පන් දහස බැගින් දඩද නියම කළේය.


Related