හම්බන්තොට ඉදිකරන්නේ පරිසර හිතකාමි කම්හල්දැයි ආණ්ඩුව රටට හෙළි කළ යුතුයි - මහින්ද රාජපක්ෂ
හම්බන්තොට හොර ගිවිසුම් අත්සන් කර ඉදිකරන කර්මාන්ත පුරයේ ආරම්භ කරනු ලබන්නේ පරිසර හිතකාමි කර්මාන්තශාලාදැයි කියා ආණ්ඩුව රටට හෙළි කළ යුතු යෑය...
https://www.sathhanda.com/2017/01/blog-post_75.html?m=0
හම්බන්තොට හොර ගිවිසුම් අත්සන් කර ඉදිකරන කර්මාන්ත පුරයේ ආරම්භ කරනු ලබන්නේ පරිසර හිතකාමි කර්මාන්තශාලාදැයි කියා ආණ්ඩුව රටට හෙළි කළ යුතු යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
හිටපු ජනාධිපතිවරයා මේ බැව් පැවසුවේ කෑගල්ල හෙට්ටිමුල්ල ආනන්ද බෝධි රාජාරාමයේ පැවැති උත්සවයකදීය.
තමාගේ පාලන කාලයේදී ද හම්බන්තොට තෙල් පිරිපහදු, සිමෙන්ති කර්මාන්ත ශාලා, යකඩ උණුකරන කර්මාන්ත ශාලා ඉදිකරන්න ආයෝජකයින් ඉල්ලා සිටි බවත් මෙම කර්මාන්ත ශාලා වලින් පරිසර හානි සිදුවන නිසා තමා ඊට අවසර නොදුන් බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
මේවායේ දුම් ගිහිල්ලා බණ්ඩාරවෙල හපුතලේ කඳු ප්රදේශ පරිසරය විනාශ වෙනවා. ඒ නිසා පරිසර හිතකාමි කර්මාන්ත ශාලා ගේන්න ඕනේ. මේ ඉදිකරන්න යන කර්මාන්ත ශාලා කවුද අනුමත කළේ කියා ආණ්ඩුව රටට හෙළි කළ යුතු යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කීවේය.


Related