ජනපතිජනපතිගේ යාපනය ගමන හදිසියේ නවතා දමයි

Updated: ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෙදුනු හදිසි කටයුත්තක් හේතුවෙන් අද(04) දිනයේ ජනාධිපතිවරයා හට යෙදී තිබුනු යාපනය සංචාරය අවලංගු ක...

Updated:
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෙදුනු හදිසි කටයුත්තක් හේතුවෙන් අද(04) දිනයේ ජනාධිපතිවරයා හට යෙදී තිබුනු යාපනය සංචාරය අවලංගු කොට ඇති බවට උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනය කළේය.

අද දිනයේදී යාපනය, පලාලි ගුවන් හමුදා කඳවුරේදී ත්‍රිවිද හමුදාපතිවරුන් ඇතුලු ආරක්ෂක අංශ නායකයින් හමු වීම හා යුද්දයෙන් මිය ගිය රණවිරුවන් සිහිකිරීමේ අවස්ථාවක්ද ඉන් අනතුරුව යාපනයේ පිහිටි උතුරු ආණ්ඩුකාර කාර්යාලය අසලදී ‘ජනපතිට කියන්න‘ වැඩසටහනේ පළමු ශාඛා කාර්යාලය විවෘත කිරීමට නියමිතව තිබූ අතර පසුව යාපනය කොටුවේ පිහිටි ව්‍යායාම මංතීරුවේ රුක් රෝපන වැඩසටහන් සඳහා ජනාධිපතිවරයාගේ සහභාගීත්ව සංවිධානය කොට තිබුණි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාට යෙදුනු හදිසි කටයුත්තක් හේතුවෙන් මෙසේ යපනය සංචාරය අවලංගු කොට ඇති අතර අදාල උත්සව අවස්ථාවන් සඳහා වෙනත් දිනයක් දැනුම් දෙන බවටද උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය වෙතට දැනුම් දී ඇත.

====================================================================

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (04) යාපනයේ සංචාරයක නිරතවීමට නියමිත බව ජනාධිපති මාධ්‍යඅංශය කියා සිටී.

ජනපතිවරයාගේ යාපන සංචාරයේ අරමුණ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් මුණ ගැසීම බව පැවසේ.

සිරිසේන මහතා අද, පෙරවරු 11 ට පලාලි පිහිටි ගුවන් හමුදා මුලස්ථානයට අයත් ගුවන් තොටුපලට ලඟා වීමට නියමිතය.

ඉන් අනතුරුව යුද්ධයෙන් මියගිය ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් භටයින්ට සිහිකිරීමේ අවස්ථාවකට එක්වීමට නියමිත අතර පසුව පලාලි පිහිටි ගුවන් හමුදා මූලස්ථානයේදී ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සියලුම ඉහළ පෙලේ නිලධාරීන්ට දේශනයක් පැවැත්වීමද නියමිත බව වාර්තා වේ.

වැඩසටහන අවසානයේ ඉහළ පෙලේ නිලධාරීන් සමග දිවා ආහාරයද ලබා ගැනීමට නියමිතව ඇත.

පස්වරු 2.15 ට යාපනේ ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයට පිටත්ව යන ජනපතිවරයා එහිදී " Tell to President " වැඩසටහනේ තවත් නිල කාර්යාලයක් විවෘත කිරීමට නියමිතය.

ඉන්පසු පස්වරු 4.15 ට යාපනේ කොටුව පිහිටි වියායම් මංතිරුව අසල රුක් රෝපණ වැඩසටහනකට සහභාගීවීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2255744677536507984

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item