ලසන්ත ඝාතනය - දන්න හැමදේම සී.අයි.ඩීයට කීවා
ලසන්ත වික්රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් තමාට චෝදනා එල්ල කිරීමට පසුගිය රජය අවස්ථා ගණනාවකදී උත්සාහ කළ බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මා...
https://www.sathhanda.com/2017/01/blog-post_821.html?m=0
ලසන්ත වික්රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් තමාට චෝදනා එල්ල කිරීමට පසුගිය රජය අවස්ථා ගණනාවකදී උත්සාහ කළ බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ලසන්ත වික්රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින් තමාට එම චෝදනාව එල්ල කිරීමට උත්සාහ කළ බවයි.
පසුගිය සිකුරාදා දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවු අවස්ථාවේ දී තමා දන්නා සියලු කරුණු ඔවුන්ට හෙළිකළ බව සරත් ෆොන්සේකා පවසයි.
වත්තල ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය සරත් ෆොන්සේකා මෙම අදහස් පළ කළේය.


Related