ලක්ෂ්මන් කිරිඇල්ලට හූ හඬ සමග දැවැන්ත විරෝධයක් - පොලිස් ආරක්ෂාව මධ්‍යයයේ පළා යයි(VIDEO)

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (03) පැවති රැස්වීමකට සහභාගි වූ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලට ජනතාවගෙන් එල්ල ව...

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (03) පැවති රැස්වීමකට සහභාගි වූ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලට ජනතාවගෙන් එල්ල වූ දැවැන්ත විරෝධය හමුවේ, හූ සංග්‍රහයක් මධ්‍යයේ පළායාමට සිදුවිය. 

නුවර කොළඹ අධිවේගී මාර්ගයේ පළමු අදියරෙන් අගතියට පත් වන ජනතාව සමඟ ලක්ෂ්මන් කිරිඇල්ල සහ රුවන් විජයවර්ධන ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාකච්ඡාව පැවති අතර එයින් අනතුරුව මෙම සිදු වීම සිදුවිණි. 

අදාළ සිදුවීම සිදුවන අවස්ථාව වන විට රුවන් විජයවර්ධන ඇමතිවරයා දිස්ත්‍රික් ලේකම් කාර්යාල භූමියෙන් පිටව ගොස් තිබිණි.

සාකච්ඡාව අවසන් වූ පසුව තමන්ගේ ඉඩම් අසාධාරණ ලෙස තක්සේරු කර ඇති බව පවසමින් කඩවත සිට මීරිගම දක්වා පදිංචි වී සිටින ජනතාව විසින් උද්ඝෝෂණයක් ආරම්භ කරන ලදී. එම උද්ඝෝෂණය පැවැත්වෙමින් තිබූ අතරතුර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කච්චේරියෙන් පිටව යන අවස්ථාවේදී මහජනතාව ඇමතිතුමාගේ වාහනය වටකරමින් 'අගමැතිතුමා එක්ක එකතු වෙලා කුමන්ත්‍රණ කරන හොරා' යනුවෙන් කෑ ගසමින් ඇමතිවරයාගේ වාහනය නවත්වාගෙන තිබේ. 

විනාඩි පහක පමණ කාලයක් වාහනය නවතා තැබීමට සිදු වූ අතර පොලිස් නිළධාරීන්ගේ මැදිහත්වීම මත කිරිඇල්ල ඇමතිවරයා පිටව ගියේය. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6727159846762736342

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item