රුපියල කඩා වැටෙන්නේ මහ බැංකුවේ කුමන්ත්‍රණ නිසා - රවී

රුපියල ආරක්‌ෂා කිරීමට රජය බැඳී සිටින බවත් එම උත්සාහය දුර්වල කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇතැම් අය උත්සාහ කරන බවත් මුදල් ඇමැති රවි කරුණානා...

රුපියල ආරක්‌ෂා කිරීමට රජය බැඳී සිටින බවත් එම උත්සාහය දුර්වල කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇතැම් අය උත්සාහ කරන බවත් මුදල් ඇමැති රවි කරුණානායක මහතා චෝදනා කළේය.

මහ බැංකුවේ සිටින හිටපු අධිපතිගේ හෙංචයියන් දෙතුන් දෙනෙක්‌ මේ උත්සාහය කරන බවද ඉදිරි දින කිහිපය තුළ මේ අය කවුද කියා නම් කරන බවද මුදල් ඇමැතිවරයා කියා සිටියේය.

සැබෑ රුපියලේ අගයක්‌ ලබා ගන්න අවශ්‍යයි. ඒ සඳහා මාස දෙකක්‌ දෙන්න. ඇතැම් අය අපේ එම උත්සාහය දුර්වල කිරිමට උත්සාහයක්‌ දරනවා. මූල්‍ය ප්‍රතිපත්තිය අනුගමනය කරනවා කියමින් මෙය කරනවා. අද ලෝක ආර්ථික අර්බුදයක්‌ තියෙනවා. රුපියල නැවත ශක්‌තිමත් වෙනවා. ඇතැම් අය ඊට බාධා කිරීම ගැන මා කනගාටු වෙනවා. මුදල් ඇමැති හෝ අගමැති යමක්‌ කිව්වොත් එය මූලික වශයෙන් රජයේ ප්‍රතිපත්තියයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3764220579537829223

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item