අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග 400ක් ආරක්ෂිත කරන්න යයි
අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග ආරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව ඔහු අවධාරණය කළේය. එමෙන්ම, හොඳ ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීමට කාලයක් ගතවුවද, ජනතාවග...

අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග ආරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව ඔහු අවධාරණය කළේය. එමෙන්ම, හොඳ ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීමට කාලයක් ගතවුවද, ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා එතරම් කාලයක් ගතකළ යුතු නැති බවද ඔහු පැවසීය.
ඔහු වැඩිදුරටත් පැහැදිලි කරමින්, "අපේ රටේ විශාල ප්‍රමාණයක් අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග වලින් පිරී ඇත. අදත් ත්‍රිරෝද රථයක් අලුත්ගම ප්‍රදේශයේ දුම්රිය හරස්මාර්ගයක හැප්පී ඇත. අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග හාරසියකට ආසන්න ප්‍රමාණයක් තිබේ. එමනිසා, අපි බලාපොරොත්තු වන්නේ මාර්ග ආරක්ෂාකරණ වැඩපිළිවෙල යටතේ ලබන මාසයේදීම ජනතා සහභාගිත්වය සහ පෞද්ගලික අංශය සම්බන්ධ කරගෙන, මෙම වසර ඇතුළතදීම ශ්‍රී ලංකාවේ අනාරක්ෂිත යැයි සම්මතව ඇති දුම්රිය හරස්මාර්ග සියල්ල ආරක්ෂිත කිරීමටයි. මෙය අපගේ වගකීමකි. හොඳ ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීමට කාලයක් ගතවුවද, ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා එතරම් කාලයක් ගතකළ යුතු නැත" යනුවෙන් ඔහු පැවසීය.
Related