රෝයල් පාක් නඩුවට අදාළ වන්දි මුදල් හිටපු ජනපති මෛත්‍රී ගෙවා දමයි

රෝයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධ නඩුවේ විත්තිකරුට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව ගෙවීමට නියම වූ රුපියල් මිලියනයක වන්දි මුදල ...

රෝයල් පාක් නඩුවට අදාළ වන්දි මුදල් හිටපු ජනපති මෛත්‍රී ගෙවා දමයි

රෝයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධ නඩුවේ විත්තිකරුට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව ගෙවීමට නියම වූ රුපියල් මිලියනයක වන්දි මුදල හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගෙවා තිබෙන බව ඔහුගේ නීතිඥවරු අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

එම වන්දි මුදල් ගෙවා නොමැති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්, ඒ සම්බන්ධයෙන් ලබන අප්‍රේල් මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිට දඩුවම් නොකිරීමට හේතු දක්වන ලෙස දන්වා මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත නොතීසි නිකුත් කරන මෙන් අද පෙරවරුවේ නියෝගයක් නිකුත් කර තිබුණි.

එම තීන්දුව නිකුත් කර ස්වල්ප වේලාවකින් පසුව, අධිකරණය හමුවේ පෙනී සිටි මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා, අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා විසින් අදළ වන්දි මුදල ගෙවා තිබෙන බව සඳහන් කළේය.

එවිට විනිසුරු මඩුල්ල, ජනාධිපති නීතිඥවරයාට දන්වා සිටියේ මෙම කරුණ මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙසය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

Post a Comment

emo-but-icon

Related

පුවත් 1238287139132325104
item