කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීමට පියවර
දැනට පවතින 1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනතේ ප්‍රතිපාදන මෙම අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇත. එම නිසා, මෙම පනත සංශ...

දැනට පවතින 1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනතේ ප්‍රතිපාදන මෙම අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇත. එම නිසා, මෙම පනත සංශෝධනය කිරීම සඳහා පසුගිය 08 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
නීති කෙටුම්පත් සම්පාදක විසින් දැනට මෙම පනත සංශෝධනය කිරීමේ කටයුතු සිදු කරමින් පවතින අතර, පනත සංශෝධනය කිරීමේ කාර්යය සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය එකඟතාව ලබා ගැනීමේ අවශ්‍යතාවය නීති කෙටුම්පත් සම්පාදක විසින් ඉස්මතු කර ඇත.
ඒ අනුව, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට ගෙන, පනත් කෙටුම්පත කඩිනමින් නිම කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමට තීරණය කර ඇත.
Related