සැරයන් අල්ලස් දැලේ පැටලෙයි

හැටන් පොලිස් කොට්ඨාසයේ විශේෂ විමර්ශණ අංශයේ සේවය කළ සැරයන්වරයෙකු, රුපියල් විසි දහසක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අල්ලස් හා දූෂණ විමර්ෂණ ඒකකයේ ...

සැරයන් අල්ලස් දැලේ පැටලෙයි

හැටන් පොලිස් කොට්ඨාසයේ විශේෂ විමර්ශණ අංශයේ සේවය කළ සැරයන්වරයෙකු, රුපියල් විසි දහසක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අල්ලස් හා දූෂණ විමර්ෂණ ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිදුවීම අද (11) සිදුවිය.

හැටන් මහේස්ත්‍රාත් අධිකණයේ විභාග වෙමින් පවතින නිධන් නඩුවක් සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගෙන් මෙම මුදල ලබා ගැනීමට සැරයන්වරයා සැළසුම් කර තිබිණි. අනතුරුව, ඔහු අධිකරණයේ වැසිකිළිය තුළදී අල්ලස් මුදල ලබා ගනිද්දී අල්ලස් හා දූෂණ විමර්ෂණ ඒකකයේ නිළධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිදුවීම පොලිස් නිලධාරියෙකුගේ අක්‍රමිකතාවයක් ලෙස හඳුනාගෙන ඇති අතර, අදාළ නඩුව පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ඇතැයි අනුමාන කෙරේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

Post a Comment

emo-but-icon

Related

පුවත් 9060717233570847878
item