ජනපති සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවෙයි

මෙහිදී, බදු අය කිරීමේ කාර්යක්ෂමතාව සහ සාධාරණත්වය තහවුරු කිරීම සඳහා සුරා බදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ ජාලගත...

ජනපති සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවෙයි

මෙහිදී, බදු අය කිරීමේ කාර්යක්ෂමතාව සහ සාධාරණත්වය තහවුරු කිරීම සඳහා සුරා බදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ ජාලගත කිරීම පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් සිදුවිය. මත්පැන් සහ දුම්කොළ කර්මාන්ත නියාමනය කිරීමෙන් රාජ්‍ය ආදායම වර්ධනය කිරීම, නීත්‍යානුකූල ආදායම් උත්පාදනය සඳහා පහසුකම් සැලසීම, නීති සහ රෙගුලාසිවලට අනුකූලතාව බලාත්මක කිරීම, නීති විරෝධී මත්පැන්, අන්තරායකර ඖෂධ සහ මනෝවර්තක ද්‍රව්‍ය අනිසි භාවිතයට එරෙහිව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ප්‍රමිතියෙන් තොර මද්‍යසාර භාවිතය මගින් සිදුවන සෞඛ්‍ය හානිවලින් ආරක්ෂා වීම සහතික කිරීම, ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා රට තුළ මත්පැන් සහ අනෙකුත් අනුමත මද්‍යසාර කාර්යක්ෂමව හා සඵලදායී ලෙස පාලනය කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.

උපායමාර්ගික සහ මෙහෙයුම් කටයුතුවල ඵලදායී තීරණ ගැනීමේ හා කළමනාකරණ ක්‍රමවේදයක් මගින් ආදායම් එකතු කිරීම හා ආදායම් සුරක්ෂිත කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. එමෙන්ම, සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මානව සම්පත් හා තාක්ෂණික සංවර්ධන සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

Post a Comment

emo-but-icon

Related

පුවත් 4558120203537028217
item