පාසල්වල මුදල් එකතු කරනවා නම් දන්වන්න

අධ්‍යාපන ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සහ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අර්බුධ ගණනාවක් ඇතිව ඇති බවත්, පාසල්...

පාසල්වල මුදල් එකතු කරනවා නම් දන්වන්න

අධ්‍යාපන ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සහ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අර්බුධ ගණනාවක් ඇතිව ඇති බවත්, පාසල්වල මුදල් එකතු කිරීම් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශයට දැන්වුවහොත් කඩිනමින් පරීක්ෂණ කරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

අධ්‍යාපන පද්ධතිය තුළ නිර්මාණය වී ඇති අර්බුධ ගණනාවකට හේතුව ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සහ දේශපාලන මැදිහත්වීම් බවත්, විවිධ හේතුන් මත පාසල් තුළ සිදුකරන මුදල් එකතු කිරීම් පිළිබඳ කඩිනම් පරීක්ෂණ කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කීවාය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශන කාරක සභාවේ පළමු සැසිවාරයේ මතු වූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම තොරතුරු හෙළි කළාය.

2026 ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ විෂය නිර්දේශ හදුන්වාදීම, මානව සම්පත සංවර්ධනය කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම, තක්සේරුව සහ ඇගයීම යන සැලසුම් කර ඇති බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැහැදිළි කළාය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6450805298046795939

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item