වැඩ වරද්ද ගත් පොලිස් නිලධාරීන් තිදෙනා රිමාන්ඩ්
අල්ලස් ඉල්ලූ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් තිදෙනා එළඹෙන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔවුන් අද (07) කො...
https://www.sathhanda.com/2025/03/blog-post_91.html

අල්ලස් ඉල්ලූ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් තිදෙනා එළඹෙන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔවුන් අද (07) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
ඔස්ට්‍රියානු සංචාරක කාන්තාවකගෙන් අල්ලස් මුදලක් ඉල්ලූ බවට චෝදනා මත පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඇය සතුව තිබූ විදෙස් දුම්වැටි සම්බන්ධයෙන් නීතිමය පියවර නොගෙන සිටිමට නම් රුපියල් 50,000ක මුදලක් සැකකරුවන් විසින් ඉල්ලා ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොල්ලුපිටිය පොලීසියට අනුයුක්තව රාජකාරි සිදුකළ සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකි.


Related