කිරිවෙහෙර විහාරාධිපති CID යෙන් පිටව යයි
කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණ ඇති අතර, පසුව ...
https://www.sathhanda.com/2025/03/cid_96.html?m=1
කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණ ඇති අතර, පසුව එම ස්ථානයෙන් පිටව ගොස් ඇත. අද (11) පෙරවරුවේ උන්වහන්සේ CID වෙත පැමිණි අතර, ප්‍රකාශයක් ලබා දීමෙන් පසු පැය 7කට පමණ පසුව ඉන් පිටව ගියහ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ ඉදිකරන ලද නිවසක් සම්බන්ධයෙන් කරුණු විමසීමට අදාළව උන්වහන්සේට මෙම කැඳවීම සිදුකර තිබුණි.
මේ අතර, මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ ඩිශාන් ගුණසේකර මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ දිනයේදී පැමිණියේය.
Post a Comment
Related