ලංකාවට එරෙහිව අත්සන් මිළියනයක් ලබාගැනීමේ ව්‍යාපාරය සැප්තැම්බර් දක්වා

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙනයන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිමින් දෙමළ ජනතාව ජීවත්වන සෑම රටකම ක්‍රියාත්මක කල...

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙනයන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිමින් දෙමළ ජනතාව ජීවත්වන සෑම රටකම ක්‍රියාත්මක කල අත්සන් මිළියනයක් ලබාගැනීමේ ව්‍යාපාරය 2015 වර්ෂයේ සැප්තැම්බර් මස දක්වා දීර්ඝ කර ඇති බව රටින් බැහැර දෙමළ ඊළාම් රජයේ අගමැති වී.රුද්‍රකුමාර් ප්‍රකාශ කර ඇත.

මෙම අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරය 2015.07.15 වන දින වනවිට අත්සන් ලක්‍ෂ 12 ක් ලබාගත් සංදේශය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයා වෙත භාරදීමට නියමිත බව ප්‍රකාශ කල වී.රුද්‍රකුමාර්, අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරයේ කටයුතු පිළිබඳ පුළුල් නිවේදනයක් ලෝක දෙමළ ජනතාව වෙනුවෙන් නිකුත් කර ඇත.

පස්ගියදා සිංගප්පුරුවේදී එම අත්සන් එකතු කල මොහොතක් ජායාරුපයේ දැක්වේ 

එම නිවේදනය :

“ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට හෝ එයට සමාන ජාත්‍යන්තර මහජන විනිශ්චය මණ්ඩලයකට ගෙනයන මෙන් ඉල්ලා සිටිමින්, රටින් බැහැර දෙමළ ඊළාම් රජය ආරම්භ කල අත්සන් මිලියනයක් ලබාගැනීමේ ව්‍යාපාරය තම ඉලක්කය සපුරාගෙන තිබීම ලෝක දෙමළ ජනතාවට දැඩි උනන්දුවක් සහ විශ්වාසයක් ඇතිකරවා ඇත.

දෙමළ ඊළාම් ජනතාවගේ යුක්තිය සඳහා වන සටන ජාත්‍යන්තරකරීණය කිරීමටත්, ලොවපුරා ජීවත්වන දෙමළ ජනතාවත්, යුක්තිය වෙනුවෙන් හඬනගන ජාත්‍යන්තර සිවිල් ප්‍රජාවට අයත් පුද්ගලයිනුත්, ඊළාම් දෙමළ දේශයේ යුක්තිය සඳහා වන සටනට එකම කණ්ඩායමක් ලෙස ඒකාබද්ධ කිරීමට මෙම අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරය විශාල දායකත්වයක් ලබාදී ඇත.

මෙම අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරයට තම ඉලක්කය සපුරා ගැනීමට කටයුතු කල සියළු දෙමළ ජන හිතකාමීන්ටත්, මෙයට සහයෝගය ලබාදුන් සියළු ජනතාවගේ දෑත් අප මෙම අවස්ථාවේදී මිත්‍රශීලී හැඟීමෙන් අල්ලා ගන්නෙමු.

මෙම අත්සන් ලබාගැනීමේ පත්‍රිකාවට අත්සන් තැබීමට, ලොවපුරා සෑම රටකම ජනතාව ලක්‍ෂ 12 ක් සහභාගි වී තම දායකත්වය ලබාදී ඇත. ඉන්දියාව විශේෂයෙන්, තමිල්නාඩුවේ සිට දායක්තවය ලබාදුන් පුද්ගලයින්ගේ සංඛ්‍යාව ලක්‍ෂ 06 ක් දක්වා ඉක්මවා ගෙස් ඇත. තම ලේ ඥාතීන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටිමින් තමිල්නාඩු ජනතාව අඛණ්ඩව මෙම ව්‍යාපාරයට සහයෝගය ලබාදෙමින් සිටියි. මෙම අත්සන් ලබාගැනීමේ වැඩසටහන තමිල්නාඩුවේ සෑම ග්‍රමයක් සඳහාම ව්‍යාප්ත කර ඇත.

දෙමළ ඊළාම් මාතෘ භූමියේ හමුදා පාලනයක් මධ්‍යයේ ජීවත්වෙමින් සිටියදී, ලක්‍ෂයකට වැඩි පිරිසක් මෙම අත්සන් ලබාගැනිමේ පත්‍රිකාවට අත්සන් තබා ඇත. තවදුරටත් දායකත්වය ලබාදෙමින් සිටියි.

ප්‍රසිද්ධියේ ප්‍රචාරයක් කිරීමට නොහැකි වාතාවරණයකදී, දෙමළ දේශපාලන නායකයින්ට මෙම අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරයට සහයෝගීව කටයුතු කිරීමට නොහැකි අවස්ථාවකදී, ජනතාව ලක්‍ෂයකට වැඩි පිරිසක් මෙම අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරයට සහයෝගය ලබාදී තම අත්සන තබා ඇත.

එය ඊළාම් දෙමළ ජනතාව සියළුදෙනා සිංහල ජාතිවාදි රජය විසින් සිදුකල දෙමළ ජාති ඝාතනයට එරෙහිව යුක්තිය ඉල්ලීමේ මතයෙන් සිටින පුද්ගලයි‍න් බව ඉතා පැහැදිලිව පෙනීමට ඇත. මැලේසියාව, සිංගප්පූරුව, ආසියානු රටවල් සහ ඊළාම් දෙමළ ජනතාව සරණාගතව ජීවත්වන සෑම රටකම ජනතාව ඉතාමත් උනන්දුවකින් මෙම අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරයට දායකත්වය ලබාදී ඇත.

රටින් බැහැර දෙමළ ඊළාම් රජය ආරම්භ කල මෙම අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරය, ජනතා සංවිධානයක් ලෙස දියුණුවක් ලබා ඇත. එය ජනතා සංවිධානයක් ලෙස පරිවර්තනය වීම දෙමළ ජනතාවට විශාල දායකත්වයක් ඇත. 

තමිල්නාඩුවේදී මූලිකත්වයක් ගෙන මෙම අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරය ක්‍රියාත්මක කල රටින් බැහැර දෙමළ ඊළාම් රජයේ සහයෝගිතා කේන්ද්‍රයේ සම්බන්ධීකාරක මහාචාර්ය සරස්වදීගේ ප්‍රධානත්වයෙන් එහි නියෝජිතයින්, දේශපාලන පක්‍ෂ, ශිෂ්‍ය සංවිධාන, තරුණ සංවිධාන, මාධ්‍යවේදීන්, සිනමා රංගන ශිල්පීන්, චිත්‍රපට අධ්‍යක්‍ෂකවරු, ටෙලිනාට්‍ය කලාකරුවන්, නීතිඥවරු සහ දෙමළ ජන හිතකාමින් යන සියළුදෙනාගේ දායකත්වයෙන් ජනතාව අතරට රැගෙන යන ලදි. අත්සන් ලබාගැනීමට ගිය මිත්‍රයන්ව, ජනතාව ඉතාමත් සතුටින් පිළිගෙන, තම සහයෝගය ලබාදී ඇත.

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙනයන මෙන් කරන ඉල්ලීමට තමිල්නාඩුවෙන් විශාල සහයෝගයක් ඇත. මේ සම්බන්ධයෙන් බලපෑම් කිරීමේ ඓතිහාසික වගකීමක් ඉන්දීය මධ්‍යම රජයටද ඇත. ඊළාම් මාතෘ භූමියේ තමන්ව ප්‍රසිද්ධ නොවන අන්දමින් කටයුතු කල දෙමළ ජන හිතකාමින්, මෙම අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරය සාර්ථක කරගැනීමට තමන්ට සිදුවිය හැකි අනතුරුදායක තත්වයද නොතකා කටයුතු කර ඇත. අනෙකුත් රටවල සිවිල් සංවිධාන, මාධ්‍යවේදීන්, කලාකරුවන්, සිසුන්, ෆේස්බුක් දායකයින් සහ දෙමළ ජන හිතකාමින් විශාල වශයෙන් සහයෝගය ලබාදීම හේතුවෙන්, මෙම අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරයට තම ඉලක්කය සපුරා ගැනීමට හැකිවිය.

අප මෙම අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරය ආරම්භ කිරීමට බොහෝ හේතු කාරණා ඇත. ශ්‍රී ලංකාවේ සිදුවූ ආණ්ඩු පෙරළියෙන් පසු, දෙමළ ජනතාවට එරෙහිව සිදුකල යුද අපරාධ, මානුෂත්වයට එරෙහි වරදවල් සහ ජාති ඝාතනය පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයක් වෙනුවට අභ්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්විය යුතුය යන තත්වය උද්ගතවීමේ අනතුරුදායක තත්වයක් තිබුණු බව අප තේරුම් ගත්‍තෙමු.

අභ්‍යන්තර පරීක්‍ෂණය කිසිඳු ආකාරයකින් සාධාරණකරණීය කිරීමට නොහැකිවීම හේතුවෙන්, ජාත්‍යන්තර විද්වතුන්ගේ නිරීක්‍ෂණය යටතේ අභ්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව යෝජනා කර, එය මිශ්‍ර ක්‍රමයක් සකස් කලයුතු බවට කල ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන ලදි. ශ්‍රී ලංකාවේ පවත්වන කිසිඳු අභ්‍යන්තර පරීක්‍ෂණයක් හෝ මිශ්‍ර ක්‍රමයක් මගින් යුක්තිය ඉටුනොවනු ඇත. ඒ සඳහා වන වාතාවරණයක් සහ දේශපාලන වාතාවරණයක් ශ්‍රී ලංකාව තුල නොමැත.

මෙවැනි වාතාවරණයක් තුලදී සහ රජයක් නොමැති දේශයක සිටින දෙමළ ජනතාව, තම ලෝක ජනතාවගේ සහයෝගය මගින්, ජාති ඝාතනය පිළිබඳවත්, ඒ පිළිබඳව ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා සිටීම පිළිබඳවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානයට ගොනයාමේ අවශ්‍යතාවයක් තිබුණි.

ජාත්‍යන්තර ප්‍රජාවට පහසුවෙන් ප්‍රතික්ෂේප කිරීමට නොහැකි ඉල්ලීම් සහිත ජනතාවගේ අත්සන් මිලියනයකට නොඅඩු සංදේශයක් ඉදිරිපත් කරන අවස්ථාවේදී, දෙමළ ජනතාවගේ යුක්තිය සඳහා වන සටනට විශාල ශක්තියක් ලබාදෙනු ඇතැයි යන්න අප විශ්වාස කරන්නෙමු. මේ හේතුවෙන් මෙම අත්සන් ලබාගැනීමේ වැඩසටහන අප ආරම්භ කලෙමු.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිහිටවූ රෝමයේ ප්‍රකාශනයට ශ්‍රී ලංකාව අත්සන් තබා නොමැති බවත්, මේ හේතුවෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ පරීක්‍ෂණයක් පැවැත්වීමට නොහැකි බවත්, එය එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක සභාවට අදාල කරුණක් බවත්, ශ්‍රී ලංකාවට සහයෝගීව කටයුතු කරන බොහෝ රටවල් සිටින බවත්, ඒ හේතුවෙන් මෙම අත්සන් ලබාගැනීමේ වැඩසටහන ප්‍රයෝජනයක් නොමැති බවත් ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කරමින් සිටීම අපගේ අවධානයට යොමුවී ඇත්තෙමු. 

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙනයාම පිළිබඳව ජාත්‍යන්තර ක්‍රමවේදය තුල ඇති ගැටළු පිලිබඳ අවබෝධයක් අපට ඇත්තෙමු. මෙය පහසුවෙන් සිදුකල හැකි ක්‍රියාවක් ‍නොවන බව අප දන්නෙමු. මෙය කාලයක් ගතවන වැඩපිළිවෙලක් බව අප දන්නෙමු. මෙම වැඩපිළිවෙලේදී, අප ප්‍රථමයෙන් සිදුකල යුත්තේ, ගෝලීය මානුෂිය වටිනාකම් මූලික කරගෙන සහ සදාචාරාත්මකකම මූලික කරගෙන, ජාත්‍යන්තර ප්‍රජාවට ප්‍රතික්ෂේප කිරීමට නොහැකි ඉල්ලීම් ජනතාවගේ සහයෝගය ඇතුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කිරීමයි.

අපගේ ඉල්ලීම් වල ස්ථාවරය අප ප්‍රථමයෙන් පැහැදිලිව සහ ශක්තිමත්ව තබාගත යුතුය. ඒ සඳහා අප අඛණ්ඩව සහයෝගය රැස්කල යුතුය. මෙම ඉල්ලීම් වලට ජාත්‍යන්තර ප්‍රජාව කඩිනමින් සහයෝගය දැක්වීම්ට බියක් දැක්වුවත්, අපගේ ඉල්ලීම් වල සාධාරණත්වයක් තිබීම හේතුවෙන්, ඔවුන්ට එය ප්‍රතික්ෂේප කිරීමට නොහැකිය.

දෙමළ ජාති ඝාතනය ශ්‍රී ලංකා රජයට තවදුරටත් වසන් කිරීමට නොහැකි අන්දමින් එය අනාවරණය වී ඇත. එයට එරෙහිව යුක්තිය ලබානොදී, එය තවදුරටත් වසන් කිරීමට නොහැකිය. ඒ ආකාරයෙන් වසන් කිරීමට අප ඉඩ ලබානොදෙන්නෙමු. හ්‍රී ලංකාවේ අභ්‍යන්තර පරීක්‍ෂණය හෝ මිශ්‍ර ක්‍රමයක් මගින් යුක්තිය ලබාදීමට නොහැකි බව ජාත්‍යන්තර ප්‍රජාව නුඳුරේදීම පිළිගත යුතු වාතාවරණයක් ඇතිවනු ඇත. එවැනි අවස්ථාවකදී, මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවට ජාත්‍යන්තර විමර්හනයකට යා යුතු තත්වයක් උද්ගතවනු ඇත. 

බටහිර රටවල් සෑම අවස්තාවකදීම තම නිෂේධ බලය භාවිතා නොකරනු ඇත. සූඩාන කරුණේදී චීනය නිෂේධ බලය භාවිතා කර නොමැත.‍ වත්මන් ගෝලීය පරිසරය තුල රජයන් ජාත්‍යන්තර සබඳතා ප්‍රථිපත්ති වලට බලපෑමක් ඇතිවිය හැකි බලවේගයන් ලෝක ජනතාව විසින් තේරුම්ගෙන ඇත. එම තත්වය ආරක්‍ෂා කරගැනීම සඳහා තමන්ව සකස් කරගෙන ඇති ලෝක සිවිල් ප්‍රජාවට සහයෝගය ලබාදීම අපගේ ඉල්ලීම් ශක්තිමත් කරගැනීමට සහයෝගි වනු ඇත.

මෙම සිවිල් සමාජ සංවිධානයේ තාර්තිකත්වය සඳහා වන දියුණුව අපට වාසිදායක වන තත්වයක් ලබාදීමේ අවස්ථාවක් තිබීම සත්‍යයකි. මේ සියල්ල ප්‍රතික්ෂේප කරන බවත්, ප්‍රයෝජනයක් නොමැති බවත් සිතා අප ජීවත්වූවානම්, කිසිඳු යුක්තියක් ඉටුනොවනු ඇත.

මෙම අත්සන් ලබාගැනීමේ වැඩසටහනේ කටයුතු, ජාත්‍යන්තර ප්‍රජාව ගන්නා තීරණයන් වලට අප සාමන නොකල යුතුය. දෙමළ ජනතාවගේ යුක්තිය සඳහා වන සටන ජාත්‍යන්තරකරණය කිරීමටත්, ලෝක දෙමළ ජනතාව මෙම සටනට සම්බන්ධ කරගැනීමටත් මෙම අත්සන් ලබාගැනීමේ වැඩසටහන ඉතාමත් වැදගත්වී ඇත. ඊළාම් දෙමළ ජනතාවගේ යුක්තිය සදහා වන සටන දිනාගැනීමට නම්, ලෝක දෙමළ ජනතාව සමගියෙන් කටයුතු කිරීම ඉතාමත් අවශ්‍ය වී ඇත. එසේ සමගියෙන් කටයුතු කලහොත්, ඊළාම් දෙමළ ජනතාවගේ යුක්තිය සඳහා වන සටන සමග ලෝක දෙමළ ජනතාව සහ ජාත්‍යන්තර සිවිල් ප්‍රජාව සම්බන්ධ කර, දෙමළ ජනතාවගේ බලය වර්ධනය කරගැනීමේ අවස්ථාවක් මෙම අත්සන් ලබාගැනීමේ වැඩසටහන ලබාදී ඇත.

මේ දක්වා රැස්කල අත්සන් මිලියනයකට වැඩි අප‍ගේ ඉල්ලීම් සහිත සංදේශය, අප එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයාට නුඳුරේදීම භාරදීමට නියමිතය. 2015 වර්ෂයේ සැප්තැසම්බර් මස ඉදිරිපත් කිරීමට නියමිත ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර විමර්ශන වාර්තාව අවධානයට ගන්නා මෙන් අප ඉල්ලා සිටින්නෙමු. 2015 වර්ෂයේ සැප්තැම්බර් මස රැස්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී, එහි සාමාජික රටවල් වලින් අප මෙම ඉල්ලීම ඉදිරිපත් කර, සහයෝගය ලබාගැනීමට උත්සාහ කරන්නෙමු.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් අභ්‍යන්තර පරීක්‍ෂණයකට හෝ මිශ්‍ර පරීක්‍ෂණ ක්‍රමවේදයකට අවසරය ලබාදීමට යොජනා කලහොත්, මෙම අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරය ලබාදෙන දැවැන්ත දේශපාලන බලය සමග ජාත්‍යන්තර සිවිල් ප්‍රජාවගේ සහයෝගය ලබාගෙන දෙමළ ජනතාවගේ යුක්තිය සඳහා වන සටන රටින් බැහැර දෙමළ ඊළාම් රජය ආරම්භ කරන්නෙමු.

ආදරණීය ජනතාවනි!

2015 වර්ෂයේ සැප්තැම්බර් මස රැස්වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී, ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට හෝ එයට සමාන ජාත්‍යන්තර මහජන විනිශ්චය මණ්ඩලයකට ගෙනයන මෙන් ඉල්ලා සිටිමින් දැවැන්ත ප්‍රචාරක වැඩපිළිවෙලක් සිදුකිරීමට අප සැලසුම් කර ඇත්තෙමු. මෙම කාල වකවානුවේදී ඊළාම් මාතෘ භූමිය, තමිල්නාඩුවේ සහ අනෙකුත් රටවලදී ජනතාව විසින් උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්විය යුතුය. 

අපගේ ඉල්ලීම ශක්තිමත් කරන අන්දමින් අපගේ ඉලක්කය සපුරාගෙන ඇතත්, මෙම අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරය 2015 වර්ෂයේ සැප්තැමුබර් මස දක්වා දීර්ඝ කර ඇත්තෙමු. මේ හේතුවෙන්, මෙම අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කිරීමට සහයෝගය ලබාදෙන මෙන් ඔබ සියවදෙනාගෙන් ඉල්ලා සිටින්නෙමු.

අපගේ ජනතාවට යුක්තිය ලැබෙනතුරු අඛණ්ඩව සටන් කරන බවට දිවුරා පොරොන්දු වෙන්නෙමු. අපගේ අරමුණ වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කල උතුම් පුද්ගලයින්ගේ සිහිනය සැබෑ කිරීමට අප කටයුතු කරන්නෙමු. විමුක්තිය දිනාගන්නා තුරු ලෝක දෙමළ ජනතාව පෙළගැසිය යුතුය” යනුවෙන් එම නිවේදනයේ සඳහන් කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 911886959939834552

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item