ඌව-වයඹ-බස්නාහිර මහ ඇමැති පුටුවලට තියුණු සටනක්

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුව ඌව, වයඹ සහ බස්නාහිර යන පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යධුර ලබා ගැනීම සඳහා ‍‍‍ජ්‍යෙෂ්ඨ පළාත් සභා මන්ත්‍රීව...


පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුව ඌව, වයඹ සහ බස්නාහිර යන පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යධුර ලබා ගැනීම සඳහා ‍‍‍ජ්‍යෙෂ්ඨ පළාත් සභා මන්ත්‍රීවරුන් අතර තියුණු සටනක් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉදිරි මහ මැතිවරණයට දැනට මහ ඇමැතිවරුන් ලෙස කටයුතු කරන දයාසිරි ජයසේකර, හරීන් ප්‍රනාන්දු සහ ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තුවට තේරී පත් වුවහොත් මෙම ගැටලුව තවත් වර්ධනය වීමට ඉඩ තිබේ.

ඒ අනුව බස්නාහිර පළාත් සභාවේ මහ ඇමැති ධුරය සඳහා උපාලි කොඩිකාර, ගාමිණී තිලකසිරි සහ රංජිත් සෝමවංශ යන මන්ත්‍රීවරුන් අතර තියුණු සටනක් ඇති වී ඇත.

වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධුරය සඳහාද ගුණදාස දෙහිගම, මංජුලා දිසානායක යන මන්ත්‍රීවරුන් අතර ද සටනක් ඇති වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේ ය.

මේ අතර ඌව පළාත් සභාවේ මහ ඇමැති ධුරය එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබා ගනිමින් එහි බලය ලබා ගැනීමටද සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බව ද වාර්තා වේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6774801927915076511

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item