ලක්ෂමන්, "ඔයාල මට කරපුවා මම දන්නවා" - මහින්ද ලක්ෂ්මන් යාපාට තරු පෙන්නයි

ලක්ෂ්මන් යාපා හීන් සීරුවේ මහින්ද රාජපක්ෂ මහතා ලගට ආව මොහොත  පසුගිය ජනාධිපතිවරණයේ මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයත් සමග මෛත්‍රී, රනිල්, චන...

ලක්ෂ්මන් යාපා හීන් සීරුවේ මහින්ද රාජපක්ෂ මහතා ලගට ආව මොහොත 

පසුගිය ජනාධිපතිවරණයේ මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයත් සමග මෛත්‍රී, රනිල්, චන්ද්‍රිකා සමග එකතු වූ කණ්ඩාමේ පිරිසට යන්තම් මේ මහා මැතිවරණයේ ඡන්දය ඉල්ලන්න නාමයෝජනා ලැබුවද මහින්ද රාජපක්ෂ ලගින්වත් හිටගන්නේ නැතුව මේ මතිවරණයේන් දිනන්න තියායන්තම් මනාප 5000ක් එකතුකර ගැනිම දැන් අපහසු කාරනයක් බව දැන් දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ කාරණාවකි.

එහෙම හිටපු එක මන්ත්‍රිවරයෙක් තමා ලක්ෂමන් යාපා අබේගුණවර්ධන, මෛත්‍රී ජනාධිපති තුමාට හිතවත්ව සිටිමින් මහින්ද රාජපක්ෂ මහතාට විශාල ලෙස චෝදනා කළේය. නමුත් දැන් උදාවී ඇති තත්වය මත තමා පරදින බව දැනීමෙන්, ලක්‍ෂමන් යාපා පසුගියදා කටත් හොරෙන් කාර්ල්ටන් පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට ගියේය. ඒ අවස්ථාවේ සිදුවූ සිද්ධිය ඇසින් දුටුවෙක් අපවෙත වාර්තා කර සිටියේ පහත සඳහන් ඉතා කෙටි දෙබසින් එම හමුව අවසන් වූ බවය. (එම අවස්ථාවේ ගත් ජායාරුපයක් ඉහත පළවේ.)

ලක්‍ෂමන් යාපා: ඇයි ඔබතුමා මාතර අනිත් රැස්වීම් වලට ගිහින් මගේ වේදිකාවට ආවේ නැත්තේ?

උස් හඬින් සිනාසී පිලිතුරු දෙමින් මහින් ද රාජපක්‍ෂ: ඔයාලගෙ බොරුවලට මමත් කාලයක් රැවටුනා. හැබැයි ආයිත් ඒවට අහුවෙන්නේ නෑ. ඔයානෙ මෛත්‍රීගෙ පැත්තට ගිහින් හැම වේදිකාවෙම මට බැන බැන ගියේ. එහෙනම් දැන් මම මොකටද? ඔයා මෛත්‍රීටම කියල ඔයාගෙ ඡන්ද ව්‍යාපාරය කරගන්න. අර රාජිත වගේ.

මේ අතර මෛත්‍රී,චන්ද්‍රිකා පිළේ තවත් මන්ත්‍රිවරයෙක් වන එක්සත් ජනතා නිදහස් සන්ධාන අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායකද මහින්ද රාජපක්ෂට පක්ෂපාතීව කටයයුතු කරන්න පටන් අරන් ඇති බව පසුගිය දා අනුරාධපුරයේ පවතී කුඩා ජන හමුවකදී ඔහු මෙසේ පැවසීමෙන් තහවුරුවේ.

"අපි එදා පොදු අපේක්ෂකයකු ලෙස මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් වුණ අවස්ථාවේදී එතුමාට සහය දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක වෛරයකින් නෙමෙයි. මේ රට බේරා ගත්, රට නිදහස් කර දුන්, රටේ යම් සංවර්ධනයක් සිදු කළ නායකයා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා.එතුමාට අපි අදටත් ආදරෙයි.අපියි එතුමාට මැරෙනකම්ම බලයේ ඉන්න ව්‍යවස්ථා සංශෝධන කරලා ඒවා අනුමත කරන්න එදා පාර්ලිමේන්තුවේ අත උසසලා සහය දුන්නේ"




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1304519634908272104

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item