කුඩු කිලෝ දසදසහසකට වැඩි ප්‍රමාණයක් සඟවා තිබෙනවා, නිලංග සමරසිංහ කියයි. මුන්ට පිස්සු

"මත්කුඩු කිලෝග්‍රෑම් දස දහසකට අධික ප්‍රමාණයක් රට තුළ සඟවා ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි. එහි සභාපති වෛද්‍ය නිලංග සමරස...

"මත්කුඩු කිලෝග්‍රෑම් දස දහසකට අධික ප්‍රමාණයක් රට තුළ සඟවා ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි. එහි සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ පැවසුවේ වාර්ෂිකව රට තුළ මත්කුඩු කිලෝග්‍රෑම් දහසක් පමණ භාවිත වන බවයි."

මැතිවරණය අසන්න වීමත් සමග තම පුද්ගලික දේශපාලන උවමනාකම් රැකියාවත් සමග පටලවාගෙන සිටින මේ මෝඩ වහන්සේ කියන්නේ කුඩු කිලෝග්‍රෑම් 10,000 ක් රට තුල ඇති බවය. මෙසේ කීයද්දින් මේ මනුස්සයට නොවැටහෙන්නේ මෙම ප්‍රමාණයේ මුල්‍ය වටිනාකම සහ එය පරිමාවෙන් මොන තරම් විශාල ප්‍රමාණයක්ද යන්නය. මෙතම් වටිනාකමක් ඇති දෙයක් ආනයනය කිරීමට අවශ්‍ය මුදල රුපියල් බිලියන 100 කට අසන්න වේ. මෙතරම් මුදල් ප්‍රමාණයක් ප්‍රයෝගිකව ශ්‍රී ලංකාව තුල හොර රහසේ සංසරණය වීමට ඇති නොහැකියාව මොවුන්ට නොතේරෙයි.

අප කිසි විටෙකත් මෙරට කුඩු නැති බව නොකියන්නෙමු. එහෙත් මෙවන් ගල් පැලෙන බොරු කියන්නේ කාටද? මෙයත් මංගල සමරවීරගේ ඩොලර් බිලියන 18ටම ගැලපෙන තකට තක බොරුවකි. අපොස සාමාන්‍යපෙළ ගණිතය අසමත් මංගල කියන ඩොලර් බිලියන 18 ට ඩොලර් වැඩිම නෝට්ටුව වන 100 නෝට්ටු කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය යයිද වත් ඔහුට නොතෙරෙන්නා සේම මේ මෝඩ දොස්තරටත් කුඩු කිලෝ 10,000 ක පරිමාව සහ එහි වටිනාකම ගැන මෙලෝ හසරක් නොතේරේද නැති නම් රටේ උන් ගොන්නු කියා හිතා මතා කියනේද යයි සක සහිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7006861349116228958

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item