කුඹුරකදී ගොවීන් දෙදෙනෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කරයි [PHOTOS]

කුඹුරුවලට ජලය ලබාගැනීමට යාමේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ පුවතක් පොළොන්නරුව - මැදිරිගිර...

කුඹුරුවලට ජලය ලබාගැනීමට යාමේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ පුවතක් පොළොන්නරුව - මැදිරිගිරිය - ගොඩපොත්ත ප්‍රදේශයෙන් වාර්තාවනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයන් දෙදෙනා කුඹුරු සඳහා ජලය ලබාගැනිමට ගොස් තිබෙනවා. එම අවස්ථාවේදී වෙනත් කුඹුරකට ජලය හැරවීමට පැමිණි තවත් ගොවියෙකු අතර ආරවුලක් සිදුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. එම අවස්ථාවේදියි අදාළ ගොවියා තියුණු ආයුධයකින් අනෙක් දෙදෙනාට පහරදී ඝාතනය කර ඇත්තේ. 

ඝාතනයට ලක්වී ඇත්තේ මැදිරිගිරිය - අඹගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයන් දෙදෙනෙක්. ඝාතනය සිදුකළ පුද්ගලයා මැදිරිගිරිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.



















මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6508461149752957457

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item