9/11 ඇමෙරිකානු ප්‍රහරයට අදට වසර 14යි
ඇමෙරිකාවට අල්-ක්වයිඩා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට වසර 14ක් සපිරෙයි. 9/11 ලෙසින් ප්‍රසිද්ධවූ ප්‍රහාරය එල්ලවූයේ 2001 වසරේ සැප්තැම්බර් 11 ව...

http://www.sathhanda.com/2015/09/9-11-attack-14th-year.html
ඇමෙරිකාවට අල්-ක්වයිඩා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට වසර 14ක් සපිරෙයි. 9/11 ලෙසින් ප්‍රසිද්ධවූ ප්‍රහාරය එල්ලවූයේ 2001 වසරේ සැප්තැම්බර් 11 වනදායි.
ඇමෙරිකාවේ වැදගත්ම ස්ථානයක් වන නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එදින පෙරවරුවේ අවස්ථා හතරක දී ප්‍රහාරය එල්ල වූවා. ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයක් වන අල්-ක්වයිඩාවන්ගේ ඇමෙරිකානු සාමාජිකයින් ප්‍රහාරය භාර ගත්තා.
ඇමෙරිකාවේ නැගෙනගිර වෙරළ තීරයේ සිට කැලිෆෝනියාව බලා පියාසර කරන මගීයානා 4ක් ත්‍රස්තයන් විසින් පහර ගනු ලැබුවා. ඒ සඳහා ත්‍රස්තයන් 19ක් සම්බන්ධ වී තිබුනා.
ඇමෙරිකානු ගුවන් සමාගමේ අංක AA-11 සහ AA-77 යානයත් යුනියිටඩ් ගුවන් සමාගමේ අංක UA-175 සහ UA-93 යානාවත් එලෙස පැහැරගෙන තිබුනා.
පළමුව අංක AA-1 සහ AA-175 දරණ යානා නිව්යෝර්ක් හි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු සහ දකුණු කුළුණු වල ගැටීමට සලස්වා තිබිණි.
පැයකුත් විනාඩි 42ක් තුළදී මහල් 110 බැගින් සමන්විත වූ කුළුණු ගොඩනැගිලි දෙකම සමතල වූවා. ඒ හේතුවෙන් අවට තට්ටුපිට තට්ටු ගොඩනැගිලි ද හානි වූ අතර ජීවිත 3000කට ආසන්න ගණනක් බිලි ගත්තා.
තුන්වන යානය ඇමෙරිකානු ගුවන් සමාගමේ අංක 77- අමෙරිකාවේ ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනයට කඩා වැදුණා.
යුනියිටඩ් ගුවන් සමාගමේ අංක 93 යානය එනම් පහර ගැනුණු සිව්වන යානය , වොෂින්ටනයට පැමිණියද එය අතර මග දී අනතුරට ලක්ව තිබුණා.
ත්‍රස්තයින් 19ත් සමග 2,996 දෙනෙකු ප්‍රහාරය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වීය. ඩොලර් බිලියන ගණනක් සම්පත් විනාශ වුණා.
2002 මයි මාසය අවසන් වන විට ලෝක වෙළඳ මධ්‍යස්ථානය හා අවට ප්‍රදේශය සම්පූර් පිරිසිදු කොට අවසන් කළා. පෙන්ටගනය පිළිසකර කර 2006 නොවැම්බර් 18 දා විවෘත කළා.
Related