සීපා හෝ ඕනෑම ගිවිසුමක්‌ අත්සන් කිරීමට පෙර රටට හෙළි කළ යුතුයි - අතුරලියේ රතන හිමි

ඉන්දියාව සමඟ අත්සන් කළ කිසිදු ගිවිසුමකින් මෙතෙක්‌ අප රටට වාසියක්‌ සිදුව නැති බැවින් වත්මන් ආණ්‌ඩුව සීපා ඇතුළු ඕනෑම ගිවිසුමක්‌ අත්සන් කිරීමට...

ඉන්දියාව සමඟ අත්සන් කළ කිසිදු ගිවිසුමකින් මෙතෙක්‌ අප රටට වාසියක්‌ සිදුව නැති බැවින් වත්මන් ආණ්‌ඩුව සීපා ඇතුළු ඕනෑම ගිවිසුමක්‌ අත්සන් කිරීමට පෙර රටට හෙළි කළ යුතු යෑයි පිවිතුරු හෙටක්‌ උදෙසා ජාතික සභාවේ කැඳවුම්කරු අතුරලියේ රතන හිමියෝ පවසයි.

කුමන ගිවිසුමක්‌ හෝ අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඉන් අනුමැතිය ලබාගත යුතුව ඇතැයි ද කිසිවකුට හොර රහසේ කිසිදු ගිවිසුමක්‌ අත්සන් කළ නොහැකි බවද පැවැසූ උන්වහන්සේ ඉතිහාසයේ කටයුතු කළ ආකාරය ගැන බලන විට කිසිවිටක ඉන්දියාව ගැන විශ්වාසය තැබිය නොහැකි බවද කියා සිටියහ. ගිවිසුමකට එළැඹීමේදී එය රටට වාසිසහගත විය යුතු යෑයි අවධාරණය කළ අතුරලියේ රතන හිමියෝ එසේ නොවන ඕනෑම ගිවිසුමකට එරෙහි වන බවත් සඳහන් කළහ. ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලදී අප රට ගිවිසුම් ප්‍රකාරව වැඩ කළ ද ඉන්දියාව කිසිවිටක ගිවිසුමට අනුව ක්‍රියාකර නැති බවට රතන හිමියෝ චෝදනා කළහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5530399911264463202

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item