යහපලානේ විද්‍යාත්මක අල්මාරිය ගැන බුද්ධික කතා කරයි
එ.ජා.ප. මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණට මෙවර නියෝජ්‍ය අමාත්‍ය තනතුරක් හෝ නොලැබීම සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ දෙනෙක් කතා...

http://www.sathhanda.com/2015/09/buddhika-pathirana.html

බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා හිමි නොවූ ඇමතිකම් ගැන මෙසේ අදහස් දක්වා තිබෙනවා.
"දවස් 168 තිබුණු ආණ්ඩුව තුළත් මම කැබිනට් ඇමැතිකමක්, රාජ්‍ය ඇමැතිකමක්, නියෝජ්‍ය ඇමැතිකමක් දැරුවේ නැහැ. මේ වතාවෙත් නැහැ. නමුත් මහමැතිවරණයේදී දිස්ත්‍රික්කයේ ජනතාව අංක එකට පත්කරපු මන්ත්‍රිවරයා මම. දැන් ඊයෙන් පස්සෙ මම නැවතත් ලංකාවේ එකම ඇමැතිකමක්වත් නොදරාපු අය අතර ඉඳන් දිස්ත්‍රික්ක 22කින් වැඩිම මනාප ගත්තු කෙනා විදිහට තේරීපත් වෙලා නැවතත් අර පෙර හිටපු මන්ත්‍රි ධුරය වෙතම ගියා. නමුත් තනතුරු මගේ දේශපාලන ගමනට සාධකයක් කියලා මම හිතන්නේ නැහැ. ඒත් මගේ දිස්ත්‍රික්කයට, රටට, පක්‍ෂයට මීට වඩා සේවයක් මට කරන්න තිබුණා එවැනි දෙයක් ලැබුණා නම්. එය මා හට ඡන්දය දුන් ජනතාව අපේක්‍ෂා කරන දෙය මිසක් බුද්ධික පතිරණ පෞද්ගලිකව අපේක්‍ෂා කරන දෙය නොවෙයි.
මේ සම්බන්ධයෙන් ගත්තු තීන්දුව ගැන මගෙන් නොවෙයි පක්‍ෂයෙනුයි අහන්න ඕන. මට ඒ ගැන කිසිදු කලකිරීමකුත් නැහැ. පක්‍ෂය ගත්තු තීරණය මම හිස නමා භාරගන්නවා. ඒ වගේම මෙතැනදී කියන්න ඕනා, මට තනතුරු නොලැබීම කිසිදු ප්‍රශ්නයක් නෙමෙයි. පක්‍ෂය තුළ මම කරන භූමිකාවටත්, රටට ජනතාවට, මගේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් කරන භූමිකාවටත් එය කිසිසේත්ම අභියෝගයක්, ප්‍රශ්නයක් නොවෙයි. මොකද මම කිසිදාක පක්‍ෂය හැර දාලා යන්නේ නෑ කියලා මගේ රුධිරයෙන් අස්සන් කළ කෙනෙක්. ඉදිරියේදී නව ජවයකින්, නව නිර්මාණශීලීත්වයකින් එ.ජා.ප.ය තුළම ඉඳගෙන මම මගේ ගමන යනවා."
Related