සිරිපාල මෝඩ චුන් වැඩ නවත්තලා දැන්වත් රටට වැඩක් ඇති වැඩක් කරමුද
පසුගිය මැතිවරණයෙන් පරාජයට පත්වූ සන්ධානයේ ප්‍රබලම අපේක්ෂකයෙක් වූ නිමල් සිරිපාල ද සිල්වා පසුගිය දා ප්‍රවාහන ඇමති කම ලබා ගනිමින් යහපාලන ආණ්ඩු...

http://www.sathhanda.com/2015/09/nimal-siripala-de-silva_12.html

එහෙත් වැඩභාරගත් නිමල් සිරිපාලද සිල්වා මාධ්‍ය පිරිවරා කොටුවේ ඇති වැසිකිලි අස්සේ සිට අනෙකුත් කාර්යාල නීරීක්ෂණය කරනු දක්නට ලබුනි. එයින් නොනැවතී ඔහු බදුලු කෝච්චියෙන් බදුල්ලට ගියේ මහජනයා දුම්රියේ ලබන අත්දැකීම ලැබීමටය. පසුගිය මහින්ද රාජපක්ෂ රජයපත්වූ විට ප්‍රවාහන ඇමතිවරයා වූ කුමාර වෙල්ගමද මේ දෙයම කරන ලදී. ඔහු උදේ 7 කාර්යාල දුම්රියෙන් කොටුවට ආවේ ජනතාව මෙරට දුම්රිය සේවයේ ලබා ගන්නා ආතල් ලබා ගැනීමටය.
රටක ප්‍රවාහන ඇමතිවරයා යනු රටේ ඉතා වැදගත් ඉහල වගකීමක් ඇති ඇමති තනතුරක්ය. වැසිකිලි පිරිසිදු කරනවද බැලීම හෝ දුම්රියේ කුෂන් එකේ තත්වේ බැලීම හෝ දුම්ටියක් බදුල්ලට යන්න ගතවන කාලය තමන් විසින්ම ගණනය කිරීම වනේ මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට වඩා වැදගත් රාජකාරීන් ඇති බව හදුනා ගැනීමට තරම්වත් නොහැකියාවක් ඇතිද?
රටක වගකිව යුතු ඇමැතිවරයකුගෙන් විය යුත්තේ මෙයද? මෙරට ප්‍රආවාහන සේවයේ ප්‍රධාන ගැටළු වැසිකිලි පහසුකම්ද? දුම්රියේ ඇති සැප පහසුවද? ඊට වැඩ මෙරට සමස්ත ප්‍රවාහන පද්ධතියම කඩා වැටී ඇති බව මේ වාහෙලට නොතේරෙනවද? ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂව මෙරට ප්‍රවාහන සේවය පත්ව ඇති ස්ථානය ගැන අවබෝධයක් නැතිද?
ශ්‍රී ලංකාව වැනි රටකට වඩා වැදගත් වන්නේ ඇමතිවරයා වඩා නිවැරදිව හැකියාවන් ඇති පිරිසක් සමග එකතුවී තම අධීක්ෂණය යටතේ වඩා ඵලදායි ප්‍රතිපත්ති සම්පාදනයකට දායකවීමයි. එසේ නොමැතිව කම්කරුවාගේ හෝ ෆොර්මන්ගේ රැකියා අධීක්ෂණයට කාලය ධනය හා ශ්‍රමය යෙදවීම නොවන්නේය. ඉහල සිට පහලට වැඩ නිවරදුව සිදුවන ක්‍රමවේදයන් හදුන්වාදීමයි.
අපට වඩා ඉහලින් ඇති කිසිදු රටක් ඇමතිවරයෙක් පත්වූ විට මෙවන් දෙකයි පනහේ වැඩ කරනවා අප අසා නොමැති අතර ඔවුන් නොකරන නිසා අපද එසේ නොකළ යුතුය යන්න අපගේ අදහස නොවන අතර එසේ කිරීමට වඩා ඇමතිවරයාගේ රාජකාරිය ඊට හාත්පසින්ම වෙනස් බව මතක් කරදීම අපේ අරමුනයි.
අපට වඩා ඉහලින් ඇති කිසිදු රටක් ඇමතිවරයෙක් පත්වූ විට මෙවන් දෙකයි පනහේ වැඩ කරනවා අප අසා නොමැති අතර ඔවුන් නොකරන නිසා අපද එසේ නොකළ යුතුය යන්න අපගේ අදහස නොවන අතර එසේ කිරීමට වඩා ඇමතිවරයාගේ රාජකාරිය ඊට හාත්පසින්ම වෙනස් බව මතක් කරදීම අපේ අරමුනයි.
Related