එහෙ මෙහෙ පැන පැන හිටිය නම් මටත් ඇමති කමක් - රන්ජන්ට දුක හිතිලා
තමාට ලැබුණ නියෝජ්‍ය අමාත්‍යධුරය පිළිබඳව කනාගාටුවක් තිබෙන නමුත් ඒ පිළිබඳව කිසිවෙකුට චෝදනා නොකරන බවත් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පැවසීය...

http://www.sathhanda.com/2015/09/ranjan-ramanayake-bbc-interview.html
තමාට ලැබුණ නියෝජ්‍ය අමාත්‍යධුරය පිළිබඳව කනාගාටුවක් තිබෙන නමුත් ඒ පිළිබඳව කිසිවෙකුට චෝදනා නොකරන බවත් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පැවසීය.
නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව බී.බී.සී. සිංහල සංදේශයේ අසාම් අමීන් හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.
තමාට දේශපාලනයේන ඉවත්වීමට සිදුවුවහොත් අවශ්‍ය වන්නේ තනිවචනයෙන් කතා කර සිය මාමා මෙන් මරණයට පත්වීමට බවත් ඔහු සඳහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගත් රංජන් රාමනායකට ලැබුණේ නියෝජ්‍ය අමාත්‍යධුරයක්. මේකට කනාගාටුවක් තිබෙනවද?
කැබිනට් අමාත්‍ය ධුරයක් ලැබුණානම් ආසයි. රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබුණානම් ඒත් ආසයි. හම්බවුණේ නියෝජ්‍ය ඇමතිකමක්. ඒකට කාටවත් චෝදනා කරන්නේ නෑ.
දිනපු කෙනාට නියෝජ්‍ය ඇමතිකමක්. නමුත් ඇතැම් දිස්ත්‍රික්ක පැරදුන අයටත් කැබිනට් ඇමතිකම් ලබාදී තිබෙනවා?
ඔබ ඒක අහන්න ඕන, රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් හා තෝරපු අයගෙන්. මගෙන් ඒක අහලා වැඩක් නෑ.
වැඩිම මනාප ලබාගත් රන්ජන් රාමනායකට දැන් අමාත්‍ය ධුරයේ කටයුතු කරන්න තියෙන්නේ, ඡන්දෙන් පරාජය වෙලා ජාතික ලැයිස්තුවෙන් ආපු කැබිනට් අමාත්‍යවරයෙක් වුණ එස්.බී. දිසානායකත් සමගයි?
එතුමා පුද්ගලයෙක් වශයෙන් මිත්‍රශීලි දේශපාලඥයෙක්. මගේ පරණ මිතුරෙක්. ඒ ගැන අවුලක් නෑ. නමුත් ඔහුගේ දේශපාලන භාවිතය හා එතුමා චන්ද්‍රිකා මැතිනිය ගැන, මෛත්‍රීපාල සිරිසේන මහතා ගැන ඔහුගේ සහෝදරවරුන් ගැන කරපු අතීත කතා යූ ටියුබ් එකේ තියෙනවා ඒවා මකන්න බෑ. ඒ ගැන මටත් අවුලක් තියෙනවා.
නමුත් කෙනෙක් වරද පිළිගෙන ඇවිල්ලා යහපාලනය යටතේ වැඩකරන්න කැමතිවෙනවානම් ඔහු ගැන අපි සිතා බැලිය යුතුයි. මට ඒක හදාගන්න පුළුවන්. අපිට මිත්‍රත්වයෙන් වැඩකරන්න පුළුවන් කියලා මම හිතනවා.
ඔබතුමා වැඩිපුරම චෝදනා කරපු නිමල් ලන්සා, අරුන්දික ප්‍රනාන්දු වගේ අයටත් නියෝජ්‍ය ඇමතිධුර ලැබුණේ. ඔබතුමාටත් අද නියෝජ්‍ය අමාත්‍යධුර ලැබුණේ මේක ජනතාව බලාපොරොත්තුවුණ දෙයක් නෙමෙයි.
ඇත්තෙන්ම මම ඒකට සන්තෝෂවෙනවා කියන්න බෑ. මම කවදාවත් සංතෝෂ වෙන්නේ නෑ. මම කනගාටුවෙනවා. මම එකයි කියන්නේ මේ ලෝකයේ පක්ෂයට දරදිය ඇදලා හැමදාම හිටපු කෙනාටත් එකම ගෞරවය. කුඩු ගෙන්නපු කෙනාට හා කුඩු නොගෙන්නපු කෙනාට එකම ගෞරවය. ඒක මේ ලෝකයේ වෙනස්විය යුතුයි කියා මම හිතනවා.
මගේ මිත්‍රයෝ මට කියනවා ඇයි රංජන් අයියා මැරීගෙන පක්ෂෙ වෙනුවෙන් මෙහෙම ඉන්නේ, කෙලින් ඉන්නේ කාගෙන ඉන්නේ. ඇයි ඔයා එහා පැත්තට පැනලා. මෙහා පැත්තට පැනලා ආයේ එහාට ගිහිල්ලා ආයේ මෙහාට ගියානම් අද ඔයා කැබිනට් අමාත්‍ය කෙනෙක් නේද දයාසිරි වගේ කියලා සමහර අය මට යෝජනා කරනවා.
ඉතින් ඒවා අහද්දී මටනම් උත්තර නැතිව යනවා. ඒවා අහද්දී මට හිතනවා මම ලංකාවේ දේශපාලනයට ගැළපෙන්නේ නෑ කියලා. මම දුර්වලයි කියලා මට හිතෙනවා. නමුත් මම ඒ දුර්වලකමට ආසයි. මට කවුරුහරි කීවොත් මම උපක්‍රමශීලි දේශපාලඥයෙක් නෙමෙයි කියලා මම ඒකට ආසයි. මම පැරදුණත්, මට නියෝජ්‍ය ඇමතිකම නැති වුණත් මම නන්තාර වෙලා ඇප නැතිව. මට මේ දේශපාලනයෙන් යන්න වුණත් මේ වන්ෂොට් වගේ එක පක්ෂේ ඉඳලා කෙලින් කතා කරලා. මගේ විජය කුමාරතුංග මාමා වගේ තනි වචනයෙන් මැරෙන්න ලැබුණොත් මට ඊට වඩා දෙයක් නෑ.
රංජන් රාමනායකට ලක්ෂ දෙකක් මනාප දුන්නේ ඔහු දූෂණ චෝදනාටවලට නැගූ ප්‍රබල හඬ නිසා. දැන් මේ ඇමතිවරුම තමයි ඔබේ ඇමතිමණ්ඩලයේ ඉන්නේ.
මේකට කියන්නෙ ඌරගේ මාලු ඌරගේ ඇඟේ තියලා කපනවා කියලා. මට ඒ අය එක්ක ඉන්න වෙයි. මට ඒ අය එක්ක තේ බොන්න වෙයි, ඒ අය එක්ක එක පැත්තේ වාඩි වෙලා ඉන්න වෙයි. මට ඒ අය එක්ක හිනා වෙන්න වෙයි. නමුත් මම උදේ හිනා වෙලා දවල්ට ඒ අයගේ ෆයිල් එකත් අරන් අල්ලස් කොමිසමට යනවා. ඒක නවත්වන්න බෑ. ඒකට මට ජනපතිතුමත්, අග්‍රාමාත්‍යතුමත් අවසරය දීලා තියෙන්නේ.
Related