ශ්‍රීලනිපයේ අර්බුදය විසදීමට මහින්ද සමග සාකච්ඡාවක්
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පවතින ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හා විපක්‍ෂයේ සිටින මන්ත්‍රීවරුන් සමග ඉද...

https://www.sathhanda.com/2015/12/blog-post_948.html
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස් සන්ධානය එක්‌ව තරග කරන බවත් ඊට සියලු දෙනාම එක්‌විය යුතු බවත් ඊයේ (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්‍ෂ මහතා හා චන්ද්‍රිකා කුමාරතුංග පක්‍ෂය මෙහෙයවමින් මැතිවරණය ජයග්‍රහණය කරා ගෙන යායුතු යැයිද අමාත්‍යවරයා කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්‌ඩුවේ ඇමැතිවරුන් හා විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඉතා සුහදව හා අවබෝධයෙන් කටයුතු කරන බවත් පක්‍ෂය දෙකඩ වන බවට කිසිදු බියක් කිසිවකුට නැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පාක්‌ෂිකයන් කවදත් ආදරය කරන බවත් පක්‍ෂයට අහිමි වූ සුළු ජන ඡන්ද පදනම යළි ආරක්‌ෂා කර ගැනීමට සියලු දෙනා ඉදිරියේදී කටයුතු කළ යුතුව ඇති බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසි ය.
Related