ඉතිරි 2%ත් සපුරා 2020 වනවිට රට බලශක්තියෙන් ස්වයංපෝෂිත කළයුතුයි - රංජිත් සියඹලාපිටිය වැඩ බාර ගනිමින් කියයි
"රජයක් වශයෙන් මේ වනවිට අපට වගකීම් රාශියක් තියෙනවා ඉටුකරන්න. රටේ ප්‍රධානතම අංගය වන විදුලිබලය සංවර්ධනය කිරීමෙන් තොරව රටක් සංවර්ධනය...

http://www.sathhanda.com/2015/09/ranjith-siyambalapitiya.html
"රජයක් වශයෙන් මේ වනවිට අපට වගකීම් රාශියක් තියෙනවා ඉටුකරන්න. රටේ ප්‍රධානතම අංගය වන විදුලිබලය සංවර්ධනය කිරීමෙන් තොරව රටක් සංවර්ධනය කළ නොහැකියි. වසර 2025 වනතෙක් විදුලිබල ක්ෂේත‍්‍රයේ සිදුකළ යුතු කාර්යභාරය මේ වනවිට සැලසුම් සකස්කර අවසන්. දැන් තියෙන්නේ එම සැලසුම් ක්‍රියාත්මක කිරීමයි. මේ වනවිට ශ්‍රී ලංකාවේ විදුලියනය 98% ක් බවට පත්කරලා තිබෙනවා. ඉතාමත් ඉක්මනින් මෙම විදුලියනය ප්‍රතිශතය 100% දක්වා ගෙන ඒමට කටයුතු කරනවා. ඒ වගේම වසර 2020 වනවිට සමස්ත ශ්‍රී ලංකාව විදුලියෙන් ස්වයංපෝෂිත කිරීමට කැපවීමෙන් කටයුතු කරනවා" යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය අද (10) පෙරවරුවේ සිය ධූරයෙහි වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ පරිශ‍්‍රයේ පැවති මෙම අවස්ථාවේදී සර්ව ආගමික වතාවත් මධ්‍යයේ අමාත්‍ය සියඹලාපිටිය සිය ධූරයෙහි වැඩ ආරම්භ කරන ලදී.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වරයා,
"වෙන කාලවලදී අමාත්‍ය ධූරයක් භාරගත්තම, මුලින්ම අතට ලැබෙන්නේ වෙනත් පක්ෂවල සේවකයන් ස්ථාන මාරු කිරීමේ ලේඛණය. නමුත් දැන් ඒ යුගය අවසන්. අද මට මුලින්ම ලැබුණේ වසර 2025 වනතෙක් විදුලිබල ක්ෂේත‍්‍රයේ සිදුකළ යුතු වැඩකටයුතු පිළිබඳ වාර්තාවක්. ඒ සම්බන්ධයෙන් මම හිටපු විදුලිබල අමාත්‍යතුමා, රාජ්‍ය අමාත්‍යතුමා සහ ලේකම්තුමාට ස්තූතිවන්ත වෙනවා. අද පක්ෂ දේශපාලනය ඉවත් කරලා, යහපාලනයෙන් ගොඩනැගුණු සම්මුතිවාදී දේශාපලන රාමුව තුළින් රට සංවර්ධනය කරන්න දැන් හැමදෙනාම කැපවෙලා කටයුතු කරනවා. මේ තත්ත්වය තවමත් ගමට හුරු නැහැ. ගමටත් මෙම යහපාලන ප්‍රතිපත්ති ගෙන යා යුතුයි.
රටේ විදුලිබල ඉල්ලූම සපුරාලීම වෙනුවෙන් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවීමට දැන් කාලය එළඹිලා. වසර 2020 වනවිට පුනර්ජනනීය බලශක්ති දායකත්වය 60% ක් දක්වා වර්ධනය කළ යුතුයි ඒ වගේම විදුලිය අපතේයාම් සහ නාස්තිය අවම කිරීමට හැකි සැම පියවරක්ම ගත යුතුයි. වසර 2015දී 11්‍රක් වූ විදුලිය අපතේයාම වසර 2020 වනවිට 8% දක්වා අවම කරගත යුතුයි. විශේෂයෙන්ම මෙම විදුලි නාස්තිය අවම කිරීමෙන් විදුලි ඉල්ලූම 2% කින් අඩුකර ගතහැකියි.
ලංකා විදුලිබල මණ්ඩලයේ මේ වනවිට සේවකයින් 20,000 කට ආසන්න ප්‍රමාණයක් සේවය කරනවා. අමාත්‍යාංශ ලේකම්වරයාගේ පටන් ඈත ගම්මානයේ විදුලි කණුවක නැගලා, විදුලි සැපයුම ලබාදෙන්න වැඩකරන කම්කරු මහතා දක්වාම රටේ විදුලි සැපයුම වෙනුවෙන් විශාල සේවයක් ඉටුකරනවා. විදුලි පාරිභෝගික ජනතාවට කාර්යක්ෂම මෙන්ම ගුණාත්මක විදුලි සේවාවක් අඛණ්ඩව ලබාදීම වෙනුවෙන් ධෛර්යයෙන් හා කැපවීමෙන් කටයුතු කිරීමට සැමගේ සහයෝගය අපේක්ෂා කරනවා" යැයි පැවසීය.
මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා, හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න, මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා යන අමාත්‍යවරුන්ද, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ ඇතුළු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ හා ඊට අනුබද්ධ ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම සුභපතන්නන් විශාල පිරිසක් සහභාගී වූහ.
Related