යහපාලන නියමුවාගේ බිරිඳ අනෝමා සහ වායු ඇමති වීරක්කොඩි කෝටි 6ක් ගිලිති - ටෝයියෝ නිදිවදිති

යහපාලන රජයේ ඛනිජ තෙල් කර්මාන්ත හා ස්‌වභාවික වායු ඇමැති චන්දිම වීරක්‌කොඩිගේ හා නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේගේ පරිහරණය සඳහා රුපියල් ලක්‍ෂ හය...

යහපාලන රජයේ ඛනිජ තෙල් කර්මාන්ත හා ස්‌වභාවික වායු ඇමැති චන්දිම වීරක්‌කොඩිගේ හා නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේගේ පරිහරණය සඳහා රුපියල් ලක්‍ෂ හයසියකට (කෝටි 6 කට) ආසන්න වටිනාකමින් යුත් බී. එම්. ඩබ්ලිව්. වාහන දෙකක්‌ ආනයනය කිරීමට අනුමැතිය ලබාගෙන තිබේ. ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය හෙවත් සී. පී. එස්‌. ටී. එල්. ආයතනයේ මුදල් යොදවා මෙම සුඛෝපභෝගී වාහන දෙක මිලදී ගැනීම සඳහා හදිසියේ පිහිටවූ තාක්‍ෂණික කමිටුවේ සහ නව අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ ද අනුමැතිය ලබාගෙන ඇත.

පසුගිය රජයේ ඇමැතිවරුන් පරිහරණය කළ KI 2091, KI - 0786 "KD - 2399" K H 4355 යන අංක සහිත මොන්ටේරෝ රථ හතරක්‌ හා KD - 4078 දරන අංකය සහිත බී. එම්. ඩබ්ලිව්. රථයක්‌ තිබියදී රුපියල් කෝටි හයසියයකට ආසන්න සුඛෝපභෝගී රථ දෙකක්‌ මිලදී ගැනීමට යැම අපරාධයක්‌ යෑයි තෙල් සංස්‌ථාවේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේවා දකින, දැනෙන යහපාලකයන්ට චන්දය දුන් පිරිස මේවා නොදැක්කා සේ සිටිමට තරම් අමන අලුගුත්තේරු වී සිටි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6521357575526902000

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item