පුස් වෙඩිල්ල සමග කතා බහ

මම තමා ඩොමිනික් කෙලර්. පදිංචිය? වැල්ලවත්ත  පාසල ? ලයිසියම් ඉන්ටර් නැෂනල් ස්කූල් පවුලේ තොරතුරු?  මගේ තාත්තා ඉන්නේ පිටරට. අම්මා නම්...

මම තමා ඩොමිනික් කෙලර්. පදිංචිය?
වැල්ලවත්ත 
පාසල ?
ලයිසියම් ඉන්ටර් නැෂනල් ස්කූල් පවුලේ තොරතුරු? 
මගේ තාත්තා ඉන්නේ පිටරට. අම්මා නම් මල්ලී එක්ක ඉන්නවා. 
විවාහක අවිවාහක බවත් කියමු නේද? 
මං තවම සිංගල්.
ඇත්තටම ඔබ කවුද? 
දැනට මං කරන්නේ රේඩියෝ මාධ්‍ය. යෙස් එෆ්. එම් එකේ නිවේදකයෙන් විදිහට උදැසන වැඩසටහන මෙහෙය වනවා. හැබැයි මගේ වැඩ පටන් ගත්තේ ගොඩක් දුරට ස්ටේජ් ඩ්‍රාමා වලින්.

ඔබ දැන්විම් නිසා වඩා කතා බහට ලක් වු චරිතයක්? 
ඔව්. මාව මුලින්ම හඳුනා ගත්නේ 'යූ ටියුබ්' ඔස්සේ විකාශනය වුණු‘පුස් වෙඩිල්ල‘ ටෙලි නාට්‍යයෙන්. ඉන් පස්සේ තමයි දැන්විම් නිරූපණයට එන්න අවස්ථාව ලැබුණේ. ඩයලොග් දැන්විම් කිහිපයෙන් තමයි ගොඩක් ෆේමස් වෙන්නේ. ඉතින් ඒ හරහා රුපවාහිනියෙන් මං සහ මගේ ස්ටයිල් එක ගොඩක් දෙනා හඳුනා ගන්නවා.

පුස් වෙඩිල්ල ඔබේ රංගන ජීවිතයේ කඩඉම කිවොත්?
ඔව්.ඇත්තටම. 2007 තමයි එය පටන් ගන්නේ. පටන් ගත්තේ ටෙලි නාට්‍යයක් හැටියට. කැරැක්ටර් එක ගත්තේ වෙනත් නාට්‍යයකින්. එය බලලා අපි නාට්‍යයක් පටන් අරන් ඉන් පසු වසරින් වසර අපි අලුත් කළා.

පුස් වෙඩිල්ල මෙතරම් ජනප්‍රිය වේවි යැයි හිතුණද? හිතුවේ නැහැ. ඒත් වෙඩිල්ලක් වගේ ජනප්‍රිය වුණා.

මෙය රුපවාහිණි මාධ්‍යක විකාශය වුණා නම් හොඳ යැයි සිතුණේ නැද්ද? 
අපිටත් හිතුණා. අපි ටෙලි ඩ්‍රාමා එකක් හැටියට කරන්න රූපවාහිනි නාළිකාවක් සමඟ සැලසුම් කළා. නමුත් එ් වෙද්දි ඔවුන්ට අපේ නාට්‍ය ගැන එතරම් උනන්දුවක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ වැඩේ මගදි නරත වුණා. නමුත් ඉස්සරහට අපි ප්ලැන් කරනවා මේ නාට්‍ය ඔස්ට්‍රේලියාවට අරන් යන්න. මිට කලිනුත් රටවල් කිහිපයකම මේ නාට්‍ය අපි වේදිකා ගත කරලා තියෙනවා.

පාසල් යන කාලෙත් ඔබ කලා කටයුතු වලට සම්බන්ධ වුණාද?
ඇත්තටම නැහැ. පාසල් කාලේ එහෙම ලොකු අයිඩියා එකක් තිබුණේ නැහැ. පාසලෙන් අවුට් වුණ ගමන්ම මෙඩිසින් කරන්න රට යන්න හිටියේ. මේ අතර තුර ඉංග්‍රීසි ස්ටේජ් ඩ්‍රාමා එකක රඟපාන්න මට චානස් එකක් ලැබුණා. ඊට පසුව තමයි මං තීරණය කළේ මගේ හැකියාවත් එක්ක මට මේ ඔස්සේ ඉස්සරහට යන්න පුළුවන් කියලා.

ඉතින් එතැනින් ඩොක්ටර් කෙනෙක් වෙන එක අතහැරියාද?
ඔව්. ඊට පස්සේ ඉතින් මගේ බිස්නස් එකක් පටන් ගත්තා.

බිස්නස් කරන ගමන්ද කලා කටයුතු වල නියැළෙන්නේ? 
ඔව්. නමුත් ළඟකදි ඉඳලා මමයි තව මගේ යාළුවෝ තුන් දෙනෙකුයි එකතු වෙලා තියෙටර් කම්පනි එකක් පටන් ගත්තා. ඉතින් අපේ ආයතනය හරහා දැන් නාට්‍ය දෙකක් කරලා තියෙනවා. දැන් ලංකාවේ ඉංග්‍රීසි වේදිකාව දියුණු වේගෙන එනවා. ඉතින් එවැනි කාලෙක අපේ දක්ෂතා එකතු කරලා හොඳ නිර්මාණ බිහි කිරීම තමයි අරමුණ.

මුල්ම දැන්වීම? සිංගර් වොෂින් මැෂින් ඇඩ් එකක් කළා. ඉන් පසු සෙලින්කෝ ඇඩ් එකක් කළා.

මුල්ම දැන්වීමට මුදල් ලැබුණාද? 
ඔව්. අය කළා. එයින් පසු තමයි තේරුණේ අපේ දක්ෂතාවලට පිළිගැනීමක් වටිනා කමක් මෙන්ම හොඳ ආදායමකුත් තියෙන බව.

දැන් දැන්වීමකට ලොකු ගණනක් අය කරනවාද? 
ලොකු නෙමෙයි. සාමාන්‍ය ගණනක් අය කරනවා.

මග තොටේදි ලැබෙන අපුරු ප්‍රතිචාර මතක් කරමුද? 
ඩයලොග් මිනිහා, ආර්පිකෝ මෙට්ට, පුස් වෙඩිල්ල කියලා කියනවා.

පුස් වෙඩිල්ල හැරුණු විට ඔබ රගපෑ අනෙක් නිර්මාණ? 
සාලිය ... බ්ලඩ් බ්‍රදර්ස්, ජීසස් ක්‍රයිස්ට්, සුපර්ස් ස්ටාර් වැනි ස්ටේජ් ඩ්‍රාමාස් කළා. මේ වසරේ කළා අයිරිෂ් කර්ස් කියලා එකක්.

උපහාසාත්මක චරිත වලින් ඔබ්බට රඟපාන්න අදහසක් නැද්ද? 
එහෙන් මෙහෙන් කරලා තියෙනවා. හැබැයි ඒ කැරැක්ටස් ඇතුළෙ පොඩි පොඩි කොමඩි කැලි දෙක තුනක් තියෙනවා. ගොඩක්ම සිරියස් කැරැක්ටර් එකක් කළා.

සිංහල ටෙලි නිර්මාණයකට ආරාධනා කළොත් භාර ගන්න සුදානම්ද? 
මේ වෙන කොටත් ආරාධනා ලැබිලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ වෙලාව. මොර්නිං ෂෝ එක නිසා ලැබෙන කාලය මදි. අනික මං තනියමනේ ජිවත් වෙන්නේ ඒ නිසා ගෙදර වැඩ කටයුතු බලා කියන්නත් ඕනේ උයන පිහන කටයුතු එහෙමත් කරන්න තියෙනවා නේ.

ඒ කියන්නේ හොදට උයන්න පුළුවන්? 
ඔව් හොඳට පුළුවන්. ඒක තමයි මගේ අනිත් කලාව.

ඉගෙන ගත්තාද? 
ඉගෙන ගත්තේ ඉතින් එහෙන් මෙහෙන් තමයි. අම්මාගෙන් සහ ටී.වී එකේ යන කුකරි වැඩසටහන් බලලා.

හදන්න කැමැතිම කෑම?
 ඉතාලි කැම චයිනිස් එහෙම හොඳට හදන්න පුළුවන්

කඩෙන් කැවෙන්නේම නැද්ද? 
නැහැ බොහො වෙලාවට ගෙදරින්ම හදා ගන්නවා.

ළඟදි පිළිවෙළක් වෙන්න අදහසක් නැද්ද? 
තවම එහෙම අදහසක් නැහැ ඉතින්.

පෙම්වතියක් ඉන්නවාද? 
ඉන්නවා ඉන්නවා ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා

ඉදිරි බලාපොරොත්තු? 
රේඩියෝ, ටීවි මේ හැම මාධ්‍යක්ම එකතු කරලා බ්ස්නස් එකක් කරන්න පුළුවන් නම් එය ගොඩාක් ඉස්සරහට ගෙනි යන්න පුළුවන්. ලංකාවේ අපටම කියලා ඒජන්සි එකක් හදන්න පුළුවන් නම් නිවේදකයො, රංගන ශිල්පියෝ සහ වෙළෙඳ දැන්වීම් නිරූපණ ශිල්පියෝ වගේ.. හැමෝම එකට එකතු කරගෙන... ඇත්තටම තවම ලංකාවේ මේ වගේ දෙවල් වල අඩුවක් තිබෙන නිසා ඉස්සරහට මගේ එවැනි ඒජන්සියක් පටන් ගන්න තමයි හිතන් ඉන්නේ.

ගාමිණි සුසන්ත




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 8361620526684539538

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item