සෙබළුන් 4ක් අවුරුදු 25කට හිරේට

2010 වසරේ ජුනි මාසයේ 06 වැනිදා මුලතිවි විශ්වමඩු ප‍්‍රදේශයේදි කාන්තාවන් දෙදෙනෙකුට බලහත්කාරකම් කළ යුධ හමුදා සෙබලු හතර දෙනෙකුට යාපනය මහාධිකර...

2010 වසරේ ජුනි මාසයේ 06 වැනිදා මුලතිවි විශ්වමඩු ප‍්‍රදේශයේදි කාන්තාවන් දෙදෙනෙකුට බලහත්කාරකම් කළ යුධ හමුදා සෙබලු හතර දෙනෙකුට යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්ජෙලියන් අද (07) වසර 25 බැගින් සිර දඩුවම් නියම කරනු ලැබුවා.

නැවත පදිංචි කිරීමේ කඳවුරක සිටියදී මෙම සිදුවීම් ඇති වී තිබෙනවා වයස අවුරුදු 27 ක කාන්තාවක් දූෂණය කිරීම හා වයස අවුරුදු 37 ක කාන්තාවක් අපයෝජනය කිරීම නිසා යාපනය මහාධිකරණ විනිසුරුවරයා අදාළ සැකකරුවන් වෙත සිර දඩුවම් නියම කර තිබෙනවා.

පණ්ඩිත ගෙදර ශාන්ත සුභසිංහ, පතිරණ බංඩාර පි‍්‍රයන්ත කුමාර, ඩි.ධනුෂ්ක පුෂ්පකුමාර, කෝබිගේ රාළගේ ගෙදර ධනුෂ්ක පි‍්‍රයලාල් රත්නායක යන යුධ හමුදා සෙබලුන් වෙත මෙලෙස දඬුවම් නියම වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
අදාළ සැකකරුවන්ට වයස අවුරුදු 27 ක දෙදරු මව දූෂණය කිරීමේ වරදට වසර 20 බැගින්ද,වයස අවුරුදු 37 ක පස්දරු මව අපයෝජනයට ලක් කිරීමේ වරදට වසර පහ බැගින්ද, දඬුවම් නියම කෙරුණා. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. http://wicharaka.blogspot.com/2015/10/blog-post_8.html

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 7634590054619348322

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item