වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරුගේ සහෝදරයෙකු අත්අඩංගුවට

වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු  ඉරෝන් රණසිංහ නමැත්තාගේ සහෝදරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අසිත රණසිංහ නම් වූ අදාළ සැකකරු තංගල්ල ප්‍ර දේශ...

කරාටේ වසන්ත ඝාතනය - SF ලොක්කාගේ සහෝදරයා අල්ලයි වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු  ඉරෝන් රණසිංහ නමැත්තාගේ සහෝදරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අසිත රණසිංහ නම් වූ අදාළ සැකකරු තංගල්ල ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි. 

අනුරපුර මුදිතා මාවතේ පිහිටි වසන්ත සොයිසාට අයත් සමාජ ශාලාවට පසුගිය 24දා රාත්‍රී පිරිසක් කඩා වැදී සිදුකළ ප්‍රහාරයෙන් ඒ මහතා මියගිය අතර මෙම ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු බව කියන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ් ලොක්කා නැමැති පුද්ගලයාගේ සහෝදරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

වසන්ත සොයිසා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් විසිදෙනෙකු ලබන මස 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන්නේ යුධ හමුදාවෙන් පැන ගිය විශේෂ බලකා සෙබළෙකු වන ඉරෝන් රණසිංහ නමැත්තා යි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7171989721982757954

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item