කාන්තාවක් දෙකට කපා මරා දමා කොටසක් ගෙනත් දාලා

ඊයේ (04) සවස ධීවරයෙකුගෙන් ලද තොරතුරක් මත ඝාතනය කරන ලද කාන්තාවකගේ සිරුරේ යටි කය කොටසක් කල්පිටිය එරඹුදූව දූපතට ගොඩ ගසා තිබියදී කල්පිටිය පොල...

ඊයේ (04) සවස ධීවරයෙකුගෙන් ලද තොරතුරක් මත ඝාතනය කරන ලද කාන්තාවකගේ සිරුරේ යටි කය කොටසක් කල්පිටිය එරඹුදූව දූපතට ගොඩ ගසා තිබියදී කල්පිටිය පොලීසිය විසින් සොයාගෙන තිබේ. කල්පිටිය - ආනවාසල,ජනසවිපුර ගම්මානයේ සිට මීටර් 150 ක් පමණ දුරින් කළපුව තුළ එරඹුදූව දූපත පිහිටා ඇත.

කල්පිටිය කළපුවේ මසුන් මරන ඇතැම් ධීවරයින් විවේකය ගත කිරීම සඳහා මෙම දූපතට යාම සිරිතක් කරගෙන සිටින අතර එසේ ගිය ධීවරයෙකුට පොහොර උරයක බහා තිබූ මළ සිරුරේ කොටස හමුවී තිබේ.

පොහොර උරයට මළ සිරුරේ කොටසඇතුළු කර ඊට වැලි පුරවා පසුව කළපුවේ ගිල්වා ඇති බවට සැකකරන්නේ යැයි පොලීසිය කියයි. පොහොර උරය පිපිරී වැලි ඉවත් වීමෙන් අනතුරුව එය දිය මතු පිටට පැමිණ දූපතටගොඩ ගසා ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8383324274166964321

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item