මිලේනියම් සිටි වගේ පොලීසිය ලකුණු දාගන්න කළ වැඩක් - ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩාව ආණ්ඩුව ඇත්ත කියයි
ගාලු වරායේ නැංඟූරම්ලා තිබියදී සොයාගත් ඇවන්ට්ගාඩ් නෞකාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව ඇතැමුන් නිවැරදිව වටහාගෙන නැති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ...

https://www.sathhanda.com/2015/11/avant-garde-floating-armoury.html
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වංචා දූෂණ විමර්ශන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයට අද එක්වෙමිනි.මෙවැනි ප්ලෝටින් ආමර් ( පාවෙන අවි ගබඩා) තිබිය හැකි බවත්, මෙය ගාලු වරායේ 2014 ඔක්තෝබර් මාසයේ සිට තිබූ බවත්, හෙතෙම එහිදී පෙන්වාදුන්නේය.
කෙසේ වුවද තමන් මෙහි වරදක් නොදකින බවත්, ගැටලුව ඇත්තේ වරද හරි හැටි හඳුනා නොගැනීම තුළ බවත්, පැවසූ ඇමතිවරයා මෙය වූ කලී ආණ්ඩු මාරු වුණාට පසුව පොලීසිය විසින් ලකුණු දමා ගැනීමට කළ වැඩක් යැයිද ප්‍රකාශ කළේය.
එසේම එය වූ කලී මිලේනියම් සිටි වගේ පොලීසිය ලකුණු දාගන්න කළ වැඩක් යැයි හෙතෙම පෙන්වාදුන්නේය.
Related