පොලිසියේ ම්ලේච්ඡ ප්‍රහාරය සහ ගෝත්‍රික ප්‍රකාශන හෙළාදකිනවා ඒකාබද්ධ විපක්‍ෂයෙන් නිවේදනයක්‌

අධ්‍යාපනයේ ගෞරවණීය අයිතිය ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදීව උද්ඝෝෂණය කළ එච්. එන්. ඩී. ඒ. (HNDA) සිසුන්ට සිදුකළ පොලිසියේ ම්ලේච්ඡ පහරදීම, ඊට නොදෙවැන...

අධ්‍යාපනයේ ගෞරවණීය අයිතිය ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදීව උද්ඝෝෂණය කළ එච්. එන්. ඩී. ඒ. (HNDA) සිසුන්ට සිදුකළ පොලිසියේ ම්ලේච්ඡ පහරදීම, ඊට නොදෙවැනි වූ පොලිසියේ ගෝත්‍රික ප්‍රකාශන ඒකාබද්ධ විපක්‍ෂය විසින් දැඩි සේ හෙළාදකින බව නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුමගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.

සිසු අරගල මොට කිරීම සඳහා මෙන්ම සිසු උද්ඝෝෂණ මැඬපැවැත්වීම සඳහා විවිධ ආණ්‌ඩු විසින් අනුගමනය කරනු ලැබූ ක්‍රියාමාර්ග කෙරෙහි අප රටේ ජනතාවට පැහැදිලි අවබෝධයක්‌ ඇත. සිසුන්ගේ හිස මත පොල් පරාල ඇණ ගැසීම දක්‌වා වූ ඒ ඉතිහාසය පිරී තිබෙන්නේ අප්‍රසන්න වූද අශීලාචාර වූද ක්‍රියාමාර්ගවලිනි. එකී අසම්මත මගෙහි උච්චතම ස්‌ථානයක්‌ ලෙස මෙම පහරදීම අපි විසින් හඳුනාගන්නෙමු.

විශේෂයෙන් පොලිසිය ශීලාචාර කිරීම සඳහා යෑයි කොමිසමක්‌ ස්‌ථාපනය කරනු ලැබූ ආණ්‌ඩුවක්‌ මෙම සාහසිකත්වයේ පළමු විත්තිකරුවා වීම ෙ€දවාචකයකි. එමෙන්ම, එකී විත්තිකරුවා විසින්ම මෙම එච්. එන්. ඩී. ඒ. (HNDA) සිසුන්ගේ කඳුළු අලෙවි කොට දේශපාලන අස්‌වැන්න නෙළාගැනීමේ ආසන්න මතකයන් අපට ගෙන දෙන්නේ පවින් පිරි අගතියේ රූපයකි.

ඒ සියල්ලටම වඩා කැපී පෙනෙනුයේ, පසුගිය කාලය පුරාම සිවිල් සමාජයේ අයිතිවාසිකම් වෙනුවෙන් විවිධ පෙරමුණු ඔස්‌සේ කෑමොර දුන් පුද්ගලයන් මෙන්ම සංවිධාන මර නින්දේ පසුවීමය. "අවම බලය" මෙයෑයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ආණ්‌ඩුවක්‌ "උපරිම බලය" ප්‍රදර්ශනය කරන මොහොතේ ද එම මහත්වරුන් නිදි සුවයෙන්ම පසුවනවා ඒකාන්තය.

සිසු අරගල ඉතිහාසයේ අපකීර්තිමත්ම සිදුවීමක්‌ ලෙස 'කළු' සටහනක්‌ තබා එච්. එන්. ඩී. ඒ. (HNDA) සිසුනට ම්ලේච්ඡ ලෙස පහරදීමට පසුවදනක්‌ සැපයීම අපගේ උත්සාහය නොවේ. අපි ආණ්‌ඩුවට බලකර කියා සිsටිනුයේ මෙම සිසුන්ගේ සාධාරණ ඉල්ලීම කොන්දේසි විරහිතව ඉටුකරනා ලෙසයි. ඊට අමතරව "අවම බලය" හා "උපරිම බලය" අතර තිබෙන බලපරාසය පිළිබඳව 'බාලයන්' දැනුවත් කරනා ලෙසයි. පොලිස්‌ කොමිසම අරා සිටින ගෞරවනීය මහත්වරුන්ට ද තම වගකීම ඉටුකිරීම සඳහා පළමු පැයේදීම අවස්‌ථාවක්‌ ලැබීම භාග්‍යයක්‌ ලෙස පිළිගනු ඇතැයි අපි විශ්වාස කරමු. මහජනතාවගේ පැත්තෙන් බලන විට මෙය අපරාධයකි. අශීලාචාර ක්‍රියාවකි. අමානුෂික සටහනකි. එහෙත් පොලිස්‌ කොමිසමට වටිනා දර්ශකයකි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2066157881256505980

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item