ජනාධිපති තායිලන්තයේදී

ශ්‍රී ලංකා තායිලන්ත රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට 60 වසරක් සපිරීම නිමිත්තෙන් මෙන්ම දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා...

ශ්‍රී ලංකා තායිලන්ත රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට 60 වසරක් සපිරීම නිමිත්තෙන් මෙන්ම දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහාත් තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් චාන් ඕචාගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සිව්දින තායිලන්ත සංචාරය ආරම්භ කරමින් ඊයේ (01) දහවල් 12.12ට ස්වර්ණ භූමි ගුවන්තොටුපළින් තායිලන්තයට පැමිණියේය.එහිදී එරට උප අගමැති සොමිකිද් ජකුස් ශ්‍රී පිටක් විසින් ජනපතිවරයා මහත් හරසරින් පිළිගනු ලැබූ අතර ඊට අමතරව ගුවන්තොටුපළ පරිශ්‍රයේදී ශ්‍රී ලංකා ජනපතිවරයා පිළිගැනීමට විශේෂ උත්සවයක්ද සංවිධානය කොට තිබුණි. එහිදී විශේෂ හමුදා උත්තමාචාරයක්ද පැවැත්වීම විශේෂත්වයක් විය.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8052523796327767892

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item