තර්ක පරදියි රවීට එරෙහි විශ්වාසභංගය විවාදයට

මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තුවේදී අද (15) වාද විවාද ඇති වුණා. අයවැය ලේඛණයට අසත්...

මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තුවේදී අද (15) වාද විවාද ඇති වුණා. අයවැය ලේඛණයට අසත්‍ය තොරතුරු ඇතුලත් කර ඇති බවටයි විපක්ෂය ඉකුත් දා අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ. 

විශ්වාසභංග යෝජනාව සඳහා දිනයක් ලබා දෙන්නේ දැයි පාර්ලිමේන්තු මංත්‍රී වාසුදේව නානායක්කාර කතානායකවරයාගෙන් විමසා සිටියා. එම අවස්ථාවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ අදාළ අයවැයට දැනටමත් තුනෙන් දෙකක ඡන්දයක් ලැබී ඇති බවයි.එබැවින් මුදල් ඇමතිවරයාට එරෙහි විශ්වාසභංගය විහිළුවක් බවයි ඔහු සඳහන් කළේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ඊට අත්සන් තබා නැතැයි සභානායකවරයා කියා සිටියා. කෙසේ වෙතත් ලබන වසරේ මුල ඊට දිනයක් ලබාදෙන බවද ඔහු සඳහන් කළා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ අයවැය ලේඛනය සහ විශ්වාසභංග යෝජනාව එකට සලකා බැලිය නොහැකි බවයි. අයවැයට ඡන්දය හිමිවූ පමණින් මුදල් අමාත්‍යවරයාට විශ්වාසභංගයක් ගෙන ආ නොහැකි බවට සම්මතයක් නැතැයි ඔහු සඳහන් කළා. 

කෙසේ වෙතත් ව්‍යවස්ථාවට හා ස්ථාවර නියෝගවලට අනුව අයවැය අදාළ කරගනිමින් මුදල් අමාත්‍යවරයාට විශ්වාසභංගයක් ගෙන ආ නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා. අයවැය රවී කරුණානායකගේ නොව ආණ්ඩුවේ බවයි ඔහු පෙන්වා දුන්නේ.

මුදල් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය බලශූන්‍ය වී ඇතැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාකියා සිටියා. අයවැයට අසත්‍ය හෝ විකෘති කරුණු ඇතුලත්ව ඇතැයි ඉදිරිපත් කළ අදහස අයවැය පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකකින් සම්මත වීමෙන්(ඡන්ද 159ක් )බලශූන්‍ය වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. 

කෙසේවෙතත් පක්ෂනායකයන් සමග ඊයේ (14) පැවති සාකච්ඡාවේදී ඇතිවූ එකඟතාව අනුව මුදල් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය විවාදයට ගන්නා බව කතානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 638732550471012575

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item