පිරමීඩ ජාවාරම් වැටලීම ඇරඹේ - ඔබත් මෙම පිරමීඩ ජාවාරමට අසු උනාද - එසේ නම් අපට දැනුම් දෙන්න

මෙම ලිපිය කලකට පෙර ප්‍රසිද්ධ කරන ලද්දක් වන අතර එය නැවත පල කලේ මේ වන විට ඉතා දැවැන්ත ලෙස මෙම පිරමීඩ ජාවාරම ක්‍රියාත්මක වන නිසාවෙනි. හැමදේට...

මෙම ලිපිය කලකට පෙර ප්‍රසිද්ධ කරන ලද්දක් වන අතර එය නැවත පල කලේ මේ වන විට ඉතා දැවැන්ත ලෙස මෙම පිරමීඩ ජාවාරම ක්‍රියාත්මක වන නිසාවෙනි. හැමදේටම මැදහත් වෙන දේශපාලනයද මැදහත්වීමෙන් ඉතා සීඝ්‍ර ලෙස පැතිරයන මෙම ජාවාරම සම්බන්දයෙන්  අප අනාවරණය කර ගනු ලැබූ කරුණු ඇතුලත් ලිපියක් පලකිරීමට සුදානම්ව පවති. ඔබත් මේ ජාවාරමට අසුවූ අයෙක් නම් හෝ ඒ පිලිබඳ තව කරුණු දන්නේ නම් අපවෙත යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. අපගේ විද්‍යුත් ලිපිනය. (editor@sathhanda.com හෝ sathhandalk@gmail.com)

මූලික අනාවරණය 


ලංකාවේ මහා පරිමාණයෙන් පවත්වාගෙන යන නීතිවිරෝධී පිරමීඩාකාර ව්‍යාපාර වන ග්ලෝබල් ලයිෆ් ආයතනය සහ බෙස්ට් ලයිෆ් යන ආයතන පිළිබඳව නෙත් එෆ්.එම් බැලුම්ගල මගින් පළමුවෙන්ම අනාවරණය කළේ වසර කිහිපයකට පෙරය. එම ආයතන පිරමීඩාකාර ආයතන නොවන බවත් නෙත් එෆ්.එම් බැලුම්ගල ඔවුන්ට විරුද්ධව මඩ ප්‍රචාරයක් ගෙන යන බවත් දිගින් දිගටම සඳහන් කළහ.

නීතිමය තත්වය 


පිරමීඩාකාර යෝජනා ක්‍රම වල ක්‍රියාකාරිත්වය වැලැක්වීම සඳහා 1988 අංක 30 දරන බැංකු පනත මගින් නීති ප්‍රතිපාදන සකස්කොට තිබුනද එම නීති ක්‍රියාත්මක වූයේ නැහැ. ශ්‍රී ලංකා මහා බැංකුව සිදු කළේ ජනතාව දැනුවත් කිරීම සඳහා පුවත්පත් වල නිවේදන පල කිරීම පමණි. ශ්‍රී ලංකා පොලිසියද මේ වෙනුවෙන් ක්‍රියාත්මක නොවන තත්වය තුල නෙත් එෆ්.එම් බැලුම්ගල තව දුරටත් කරන ලද හෙලිදරව්කිරීම් තුලින් නීති ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට සිදුව තිබේ. 

නීතිය ක්‍රියාත්මක වීම සහ පිරමීඩ කඩා වැටීම 


මෙම පිරමීඩාකාර ආයතන වල කඩා වැටීම ආරම්භ වන්නේ මෙම මසපසුගිය වසරේ ගල්ගමුව මීගලැව පොලිසිය මගින් පිරමීඩ ජාවාරම් කරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමගය.ගල්ගමුව මහේස්ත්‍රාත් දී.එම් රුවන් ධම්මික දිසානායකට මොවුන් ඉදිරිපත් කළ අතර ලබන මස දෙවනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගත කරන්නට නියෝග කෙරුණි.මෙලෙස බන්ධනාගාර ගත වූයේ තෙල්දෙණිය වෙලමුන පදිංචි කලුඅප්පු හන්දි ඉරෝෂ්, වාසල මුදියන්සේලාගේ පරගහ පැලේගෙදර නදීෂ සඳරුවන් වාසල, තැන්නේ ගෙදර නිශ්ශංඛ තෙන්නකෝන් යන අයයි. මොවුන් සමග ත්‍යාග ලෙස ලබාදීමට රැගෙනවිත් තිබූ නවීන පන්නයේ මෝටර් රථයක්, සෝලා විදුලි උත්පාදන උපකරණ, නව සාමාජිකයන් බඳවා ගැනීමේ ලිපි ලේඛන ආදියද අත්අඩංගුවට පත්වුණි. 

ජාවාරම ක්‍රියාත්මක වූ අයුරු 


රුපියල් 68500ක මූලික මුදලක් මෙම ආයතනවල තැන්පත් කොට කිසිදු වෙහෙසිමකින් තොරව මාසිකව රුපියල් ලක්ෂ 16 ක් දක්වා මුදල් ඉපයිය හැකිබව මෙම ආයතන ප්‍රචාර ගෙනගොස් තිබුණි. නව සාමාජිකයෙකු බඳවා ගැනීමේදී සෝලා පද්ධතියක් ලබාගැනීම අනිවාර්ය වන අතර ඉන් අනතුරුව ඔහු කළ යුතුවුයේ මෙම ආයතන වලට රැගෙන විත් සම්බන්ධකරවීමයි. එක් අයෙකු සම්බන්ධ කරවීම වෙනුවෙන් රුපියල් 6000 පමණ කොමිස් මුදලක් ඔහුට හිමිවන අතර පුද්ගලයන් දෙදෙනා බැගින් සූදානම් කරගත් කණ්ඩායම් සකස් කරගැනීම ඔවුන්ගේ ඊළඟ වැඩපිළිවෙලයි. 

එලෙස දෙදෙනා බැගින් දෙකේ ගුණාකාර ලෙසින් සාමාජිකයන් අතිවිශාල ප්‍රමාණයක් ඉතා කෙටි කාලයක් තුල ආයතනයට සම්බන්ධ වන බැවින් ආයතන වල ආදායම් විශාල ලෙස ඉහල ගොස් තිබුණි. ආයතන කළමනාකාරිත්වයන් අහිංසක ජනතාවගේ කෝටි ගණන් මුදල් සූරාගෙන නවීන පන්නයේ වාහන නිවාස ආදී දේපල එක් රැස්කරමින් සුඛෝපභෝගී ජීවිත වලට යොමුව තිබුණි. තම කණකර ගේදොර ඉඩකඩම් උගස් කළ අහිංසක ජනතාව බැංකු ණය පවා ලබාගෙන සිදුකලේ මේ පිරමීඩ ක්‍රමයට මුදල් දැමීමයි. ලංකාවේ සෑම ගම්මානයකම පාහේ සතිපතා පුහුණු වැඩසටහන් සහ දේශන පවත්වමින් ජනතා මුදල් ගරාගැනීම මනා සංවිධානාත්මකව උපක්‍රමශීලී ලෙස මොවුන් විසින් සිදුකොට තිබුණි.


අවධානම 


මෙම ආයතන පවත්වාගෙන යෑම සහ මේවාට සම්බන්ධ වීම යන කරුණු දෙකම ලංකාවේ නීතියට පටහැනි බැවින් ඔවුන්ගේ කූඨ ජාවාරමේ අවසානය මේවනවිට එළැඹ තිබේ. ජාවාරම්කරුවන් නීතියට බියේ රටින් පැන යාමට පවා ඉඩකඩ තිබෙන අතර අහිංසක මුදල් තැන්පත්කරුවන් නීතියේ රැහැනට හසුවිය හැක.මෙවැනි පිරමීඩාකාර යෝජනා ඔබටත් ලැබුනහොත් ලඟම තිබෙන පොලිස් ස්ථානයට,119 ඔස්සේ පොලිස් හදිසි ඇමතුම් අංශයට හෝ ශ්‍රී ලංකා මහා බැංකුවේ පිරමීඩ වැටලීම් අංශයේ 0112 477 100 හෝ 0112 477 105 යන දුරකථන අංක ඔස්සේ පැමිණිලි කර ඔබෙත් ඔබේ අසල්වැසිගේ මුදලුත් ආරක්ෂා කරගන්න. 

කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරේ පිහිටි ග්ලෝබල් ලයිෆ් ප්‍රධාන් කාර්යාලය. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. Ara Globle life kiyana piramida nam handapanagala Godak Thiyenawa. Mo/Handapanagala M.V Ashen kiyala guruwarayek thamai Meka meheyawanne. Mage Yaluwekuth Mata kiwwa ekata enna kiyala.

    ReplyDelete
  2. මිලියන ගානක් මිනිසුන් දැනුවත් කරනවට වඩා ලේසි නීතිය දැනුවත් කරල එම අායතන වැටලුවනම්..

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 8933755107862050103

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item