යස්‌මින් සුකා ශ්‍රී ලංකාවට හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ඉල්ලයි

ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනයට "හයිබ්‍රිඩ් අධිකරණයක්‌" ස්‌ථාපිත කරන ලෙස එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධා...

ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනයට "හයිබ්‍රිඩ් අධිකරණයක්‌" ස්‌ථාපිත කරන ලෙස එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ගෙන් ඉල්ලා ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එවන් හයිබ්‍රිඩ් අධිකරණයක්‌ පිහිටුවීම ප්‍රතික්‍ෂේප කර ඇති බවද ඇය මානව හිමිකම් කොමසාරිස්‌ වෙත දැනුම් දී තිබේ.

මෙම හයිබ්‍රිඩ් අධිකරණය යනු එක්‌සත් ජාතීන්ගේ විමර්ශනයක්‌ බව පවසන යස්‌මින් සුකා සාක්‍ෂිකරුවන් රැකීමට නම් ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් යුත් හයිබ්‍රිඩ් අධිකරණයක්‌ අවශ්‍ය බවද දන්වා ඇත.

මේ අතර ලබන පෙබරවාරි මස මුල් සතියේ මෙරටට පැමිණෙන මානව හිමිකම් කොමසාරිස්‌වරයා හයිබ්‍රිඩ් අධිකරණය ගැන රජය සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item