විදෙස්‌ විනිසුරුවන් අත්‍යවශ්‍යයි - ඇමරිකානු රජය කියයි

යුද අපරාධ පිළිබඳ චෝදනා විමර්ශනය සඳහා විදේශ විනිසුරුවන් අත්‍යවශ්‍ය යෑයි ඇමරිකානු රජය ප්‍රකාශ කර ඇත. මේ බව ජීනීවා මානව හිමිකම් කවුන්සිලය සඳ...

යුද අපරාධ පිළිබඳ චෝදනා විමර්ශනය සඳහා විදේශ විනිසුරුවන් අත්‍යවශ්‍ය යෑයි ඇමරිකානු රජය ප්‍රකාශ කර ඇත. මේ බව ජීනීවා මානව හිමිකම් කවුන්සිලය සඳහා වූ ඇමරිකානු තානාපති කීත් හාපර් ජිනීවා නුවරදී පෙරේදා (26දා) ප්‍රකාශ කර තිබේ.විදේශ විනිසුරුවන්ගේ සහභාගිත්වය අවශ්‍ය බවට කළ නිර්දේශය වෙනස්‌ වී නැතැයි හෙතෙම තවදුරටත් සඳහන් කර ඇත.

එහෙත් දේශීය විමර්ශන කටයුතු සඳහා විදේශ විනිසුරුවරුන් සම්බන්ධ කර ගැනීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.

විදේශ විනිසුරුවන් පිළිබඳව මතුවී ඇති අර්බුදය මානව හිමිකම් කොමසාරිස්‌වරයා මෙරටට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6507478707214451547

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item