මරණ දඬුවම අහෝසි කරන්නැයි මානව හිමිකම් කොමිසම නිර්දේශ කරයි

මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකාවේ දැනට නීතිමය තත්ත්වයෙහිලා ඇති මරණ දඬුවම අහෝසි කළ යුතු බවට නිර්දේශ කර තිබේ. මානව හිමිකම් ...

මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකාවේ දැනට නීතිමය තත්ත්වයෙහිලා ඇති මරණ දඬුවම අහෝසි කළ යුතු බවට නිර්දේශ කර තිබේ.

මානව හිමිකම් මූලධර්මවලට සහ වටිනාකම් වලට ගැලපෙන මානුෂීය සමාජයක් සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම සාක්ෂාත් කරනු පිණිස මෙලෙස මරණ දඬුවම අහෝසි කරන ලෙස නිර්දේශ කිරීමට කටයුතු කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරයාට යොමු කළ නිර්දේශයන්හි දැක්වෙයි.

1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 10(ඇ) සහ (ඈ) වගන්ති ප්‍රකාරව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මූලික අයිතිවාසිකම් වැඩිදියුණු කිරීම හා ආරක්ෂා කිරීම සඳහා නීතිමය සහ පරිපාලනමය විධාන හා කාර්යය පටිපාටින් සකස් කිරීම පිළිබඳව රජයට උපදෙස් දීමට හැකි බව කොමිෂන් සභාව විසින් පෙන්වාදී තිබේ.

එමෙන්ම ජාතික නීති සහ පරිපාලනමය පිළිවෙත් ජාත්‍යන්තර මානව හිමිකම් නියමයන් හා සම්මතයන්ට අනුකූල බව සහතික කිරීම පිණිස ගතයුතු පියවරයන් පිළිබඳවද රජයට නිර්දේශ නිකුත් කිරීමේ කාර්ය තමා වෙත පැවරී ඇති බවද කොමිෂන් සභාව විසින් සිහිපත් කර ඇත.

1976 සිට බලයට පත් රජයන් මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීම තමන් අගය කරන නමුත්, දණ්ඩ නීති සංග්‍රහය සහ 1984 අංක 13 දරණ පනතින් සංශෝධනය වූ වස, අබිං සහ අන්තරායදායක ඖෂධ ආඥා පනත වැනි නීති යොදා ගනිමින් දිගින් දිගටම මරණ දඬුවම නියම කිරීම සිදුවන බව පැහැදිලිය.

ජාත්‍යන්තර හා තුලනාත්මක නීතියේ දැක්ම අනුව, මරණ දඬුවම කෲර අමානුෂික, අවමන් සහගත දඬුවමක් බවත්, එය මිනිස් ජීවිතයේ වටිනාකම නිෂේධ කරන්නක් බවත් යන මතය සමග කොමිෂන් සභාව එකඟ වන බවද ඔවුන් විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජීවිතයට ඇති හිමිකම මූලික අයිතිවාසිකමක් ලෙස ප්‍රකාශයට පත්ව නොමැති වුවද, එය ව්‍යංගයෙන් සහතික කොට ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගෙන ඇති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය යටතේ වධ හිංසාව කෲර අමානුෂික හා අවමන් සහගත සැලකීම් හා දඬුවම් තහනම් කර ඇති බවත් කොමිෂන් සභාව පෙන්වාදෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7572262563456398195

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item