හිමිවරුන් බන්ධනාගාර ගත කිරීමෙන් බෞද්ධ කම්පනයක් ඇති වෙලා - අගමැති මැදහත් විය යුතුයි - ප. ච. රණවක

බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිවිල් වරදවල් යටතේ අත්අඩංගුවට ගැනීමේදී එය සිදුකළ යුත්තේ මහානායක හිමිවරුන්ගේ අනුමැතිය යටතේ බව ජාතික හෙළ උරුමයේ මහ...

බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිවිල් වරදවල් යටතේ අත්අඩංගුවට ගැනීමේදී එය සිදුකළ යුත්තේ මහානායක හිමිවරුන්ගේ අනුමැතිය යටතේ බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවක කීවේය.

එසේම භික්ෂූන් වහන්සේලා දිගින් දිගටම රඳවා ගැනීම් සිදුකිරීම නිසා සිවුරේ ගරුත්වයටත්, බෞද්ධ සම්ප්‍රදායේ ඉතිහාසයටත් හානි සිදුවන බැවින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මැදිහත්ව ඒ සඳහා යම් විසඳුමක් ලබාදියයුතු බවද ඔහු පැවැසීය.

අද (21දා) බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවැසීය. 

සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම නිසා බෞද්ධ සමාජයේ කම්පනයක් ඇති තිබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4918170930484884146

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item