මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ සහ මංගල අතර උණුසුම් වාදයක් - චාගි ගාල්ලගේ වහා කොළඹට යහපාලන මාරුවක්

යාපනය 51 වැනි සේනාංකාධිපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ කොළඹ හමුදා මූලස්‌ථානයේ පාබල හමුදා අධ්‍යක්‍ෂවරයා ලෙස මාරු කර ඇත. යාපනය...

යාපනය 51 වැනි සේනාංකාධිපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ කොළඹ හමුදා මූලස්‌ථානයේ පාබල හමුදා අධ්‍යක්‍ෂවරයා ලෙස මාරු කර ඇත. යාපනයේදී විදේශ අමාත්‍ය මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවැති හමුවකදී මේජර් ජෙනරාල්වරයා හා විදේශ ඇමැතිවරයා උණුසුම් වාදයක පැටලීමෙන් පසුව මෙම ස්‌ථාන මාරුව ලබා දී ඇත. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මගින් යෝජනා කර ඇති කමිටුවක්‌ සඳහා හමුදා මේජර් ජෙනරාල්වරුන් දෙදෙනකු ද ඇතුළත් කළ යුතු යෑයි ගාල්ලගේ මහතා විදේශ අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප වීමෙන් පසුව මෙම උණුසුම් වචන හුවමාරුව සිදුව ඇත. විදේශ අමාත්‍යවරයා සහභාගි වූ මෙම හමුව පැවැතියේ මීට සති දෙකකට පෙරය. මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ ජනපති ආරක්‍ෂක ඒකකයේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3566243232980657190

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item