නාවික හමුදා කඳවුර ඉවත් කර සාම්පූර් බලාගාරය ඉදිකිරීමට සූදානම්

විවිධ විරෝධතා එල්ල වුවද ඒවා නොතකා සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදිකිරීමට ආණ්‌ඩුව තීරණය කර ඇති අතර ඒ සඳහා සාම්පූර් නාවික හමුදා කඳවුර ඉන් ඉවත් ...

විවිධ විරෝධතා එල්ල වුවද ඒවා නොතකා සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදිකිරීමට ආණ්‌ඩුව තීරණය කර ඇති අතර ඒ සඳහා සාම්පූර් නාවික හමුදා කඳවුර ඉන් ඉවත් කිරීමට ද නියමිතය.

සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම ඉන්දියාව විසින් සිදුකරන අතර මේ සඳහා මේ වනවිට පරිසර වාර්තාවක්‌ද ලබාගෙන ඇත.

මෙගාවොට්‌ 500 ක ධාරිතාවයෙන් යුතු අදාළ බලාගාරය ඉදිකිරීමට අවශ්‍ය වන නිසා සාම්පූර් නාවික හමුදා කඳවුර සාම්පූර් ප්‍රදේශයෙන් ඈතට ගෙන යාමට තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

බලාගාරය ඉදිකිරිම සම්බන්ධව විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති ඇමැති රංජිත් සියඹලාපිටිය එහි නිරීක්‍ෂණ චාරිකාවකද නිරතවී තිබේ.

කෙසේ වෙතත් සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් ආරම්භ කිරීම සම්බන්ධව නිශ්චිත දිනයක්‌ තවම තීරණය කර නැතැයිද එම ආරංචි මාර්ග වැඩිදුටත් පැවසීය.

බලාගාරය ඉදිකිරීමට අක්‌කර 500 ක භූමි ප්‍රදේශයක්‌ වෙන්කර ඇත. ව්‍යාපෘතියේ ඇස්‌තමේන්තු වියදම අමෙරිකානු ඩොලර් මිලියන 600 ක්‌ වන බවටද හඳුනාගෙන තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9206192642524862742

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item