මෙම අසත්‍ය චෝදනා මා පිළීකුලෙන් හෙළා දකිනවා - මහින්ද අමරවීර

පසුගියදා අත්තඩංගුවට ගැනුන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝශිත රාජපක්ෂ මහතා හා පාර්ලි‍මෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධව...

පසුගියදා අත්තඩංගුවට ගැනුන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝශිත රාජපක්ෂ මහතා හා පාර්ලි‍මෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධව, ඔවුන්ට විරුද්ධව කටයුතු කරන බවටත් youtube හා ‍‍facebook සමාජ ජාල වෙබ් අඩවි හරහා අසත්‍ය ප්‍රචාර ඉදිරිපත් විය. එම චෝදනා පිළිබදව ධීවර අමාත්‍ය මහින්ද මහතා පසුගියදා මෙසේ ප්‍රකාශ කලේය.

"යෝශිත රාජපක්ෂ මහත්මා අත්තඩංගුවට ගැනීම සම්බන්ධවත්ථ ඒ වගේම ඉදිරියේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා අත්තඩංගුවට ගන්න සූදානමක් තියන බවටත්, ඒ සම්බන්ධව මා බලපෑම් කරන බවටත් සමාජ ජාල වෙබ් අඩවි හරහා මා හට චෝදනා එල්ල කරනවා. ඒ චෝදනා මා තරයේම ප්‍රතික්ෂේප කරනවා. මේ පිලිබදව තිබුනයි කියන සාකච්ජාව සිදුවූ දිනයේ, මා සිටියේ හම්බන්තොට, මේකෙන්ම පැහැදිලි වෙනෙවා මෙහි තිබෙන කුහක බව. මම විතරක් නෙවෙයි මාගේ පියාගේ කාලයේ සිටම දේශපාලනය කළ කන්ඩායම්, ඒ නිසා කිසිදු අවස්ථාවක මේ පවුල් වලට හිරිහැයක් කිරීමට මා හට කිසිදු අවශ්‍යතාවයක් නැහැ.

ජනවාරි 09 වැනිදායින් පස්සේ ඇතිවුනු තත්වයන්හීදී රාජපක්ෂ පවුල බේරා ගැනීම සදහා මට හැකි උපරිම කටයුතු කළා ඒ බව රාජපක්ෂ පවුලේ අය හොදටම දන්නවා. ඒ නිසා මම පැහැදිලිවම කියනවා ‍‍මෙම අත්තඩංගුවට ගැනීම් හෝ වෙනත් කටයුතු වලට දායක වෙන්න මට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේ පහත් තුට්ටු දෙකේ දේශපාලනයක මම යෙදිලත් නැහැ, යෙදෙන්නෙත් නැහැ. මේ සම්බන්ධව මට, මගේ පුතා සම්බන්ධ කරගෙන මේ කරන අසත්‍ය ප්‍රචාර මා පිළිකුලෙන් හෙළා දකිනවා."

ඒවගේම දේශපාලන බංකොලොත් භාවයට පත් කන්ඩායම් හා මේ පක්ෂය දෙකඩ කරන්න වුවමනාවක් තියන කණ්ඩායම් මෙවැනි දේ සිදු කරන බව දැනටමත් මට දැනගන්නට ලැබිල තියනවා. මෙවැනි දෑ සිදු කරන කණ්ඩයම් පිළිබද මනා අවබොධයකින් සිටින බවත් ඔවුන් පිළිබද ඉදිරියේදී අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවත් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කලේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3812052726648177936

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item