වෘත්තියවේදීන්ට අවමන් කිරීම බියවැද්දීම හොඳ නෑ - හෙළ උරුමය - එත් රනිල්ගේ නම නොකියයි
ඉට්කා ගිවිසුම සම්බන්ධයෙන් අදහස් පළකරන, රටක උගත් සමාජය නියෝජනය කරන වෘත්තියවේදීන්ට අවමන් කිරීම සහ වෘත්තිය සංවිධාන සෘජුව හෝ වක්‍රව බියවැද්...

https://www.sathhanda.com/2016/02/blog-post_514.html
ඉට්කා ගිවිසුම සම්බන්ධයෙන් අදහස් පළකරන, රටක උගත් සමාජය නියෝජනය කරන වෘත්තියවේදීන්ට අවමන් කිරීම සහ වෘත්තිය සංවිධාන සෘජුව හෝ වක්‍රව බියවැද්දීම නොකළ යුතු ක්‍රියාවක් බව ජාතික හෙළ උරුමය අවධාරණය කරයි.
එම පක්ෂයේ මාධ්‍ය ලේකම් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්ය.
එය වැඩිදුරටත් පහත පරිදිය.
වෘත්තියවේදීන්ට අවමන් කිරීම හා වෘත්තිය සංවිධාන බිය වැද්දීම
අනුමත කළ නොහැක.
ඉට්කා හෙවත් ඉන්දු-ලංකා ආර්ථික සහ තාක්ෂණ සහයෝගීතා ගිවිසුමට අදාළව රටේ පිළිගත් වෘත්තියවේදීන් හා වෘත්තිය සංවිධාන විවිධ මත අදහස් විරෝධතා ඉදිරිපත් කර ඇත. එම මත අදහස් සම්බන්ධව රජයේ ප්‍රධානීන් සහ ඇතැම් ඇමතිවරුන් ප්‍රතිචාර දක්වන ආකාරය අවලස්සන බව අපගේ හැඟීමයි. දෙරටක් අතර සිදුවන ආර්ථික, වෙළඳ, තාක්ෂණික ගිවිසුම් සම්බන්ධයෙන් වඩාත් කල්පනාකාරී විය යුතු අතර ඒවායින් ඇති කරන දිගුකාලීන හා කෙටිකාලීන දේශපාලන, ආර්ථික හා සමාජයීය බලපෑම් පුරෝකථනය කළ නොහැක.
එබැවින් එවැනි ගිවිසුම් පිළිබඳව වඩාත් සංවේදී උගත් වෘත්තියවේදී සමාජතීරු සමග විවෘත හා ප්‍රබුද්ධ සාකච්ඡාවක නිරතවිය යුතුය. මේ සම්බන්ධව වෘත්තියවේදීන්ගේ පැත්තෙන් ඉදිරිපත් කරන තර්ක විතර්ක හා අදහස් වලට ප්‍රබුද්ධ ලෙස දේශපාලඥයන් හා පාලකයින් ප්‍රතිචාර දැක්විය යුතු අතර සංවාද භාෂාව වඩාත් ශිලාචාර ශිෂ්ඨසම්පන්න විය යුතුය. එසේ නොමැතිව රටේ පිළිගත් වෘත්තියවේදීන්ගේ සංවිධානයක් වන රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය අවමානයට ලක්කරමින් කතාපැවැත්වීම යහපාලන දේශපාලන සංස්කෘතියට කිසිසේත් උචිත නොවේ. බලහත්කාරත්වය හා අත්තනෝමතිකත්වය ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන දේශපාලන සංස්කෘතියට නුසුදුසුය. වහසිබස් දොඩමින් වෘත්තියවේදීන්ට අවමන් කරමින් බලය පෙන්වීම සඳහා ගැටුමට ආරාධනා කිරීම මෙවැනි ප්‍රශ්න නිරාකරණය කරගැනීමට හෝ කළමනාකරණය කර ගැනීමට මග නොවේ.
එබැවින් ඉට්කා ගිවිසුම ගැන පුරසාරම් ප්‍රකාශ නතර කොට පිරිස් බලය පාරට කැඳවා මහජනයා පීඩාවට පත්කරනවා වෙනුවට වඩා ප්‍රබුද්ධ විදග්ධ සංවාදයකට යොමුවීම මෙම ගිවිසුම ගැන ජනතාව දැනුවත් වීමටත් ශිලාචාර දේශපාලන සංස්කෘතියකටත් හේතුවනු ඇත. මෙම ගිවිසුම පිළිබඳව වෘත්තියවේදී සංවිධාන සමග මිත්‍රශිලි සංවාදයකට යොමුවීම රටේ ඉදිරි ගමනට යහපතක් මිස අයහපතක් නොකරනු ඇත යන්න අපගේ අදහසයි.
රටක උගත් සමාජය නියෝජනය කරන වෘත්තියවේදීන්ට අවමන් කිරීම සහ වෘත්තිය සංවිධාන සෘජුව හෝ වක්‍රව බියවැද්දීම නොකළ යුතු ක්‍රියාවක් බව අප අවධාරණය කර සිටිමු.
නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
මාධ්‍ය ලේකම්
Related