දරුවා කිරි ඉල්ලා හඬද්දී මවව රංචු ගැසී සහාසික ලෙස දූෂණය කරලා
මාස හතක් වයසැති අත දරුවා කිරි ඉල්ලා හඬා වැටෙද්දී ගම්පොළ සිංහාපිටිය ප්‍රදේශයේ පදිංචි එක් දරු මවක රංචු ගැසී සමූහ දූෂණයකට හා බරපතළ ලිංගික අප...
http://www.sathhanda.com/2016/02/blog-post_543.html
මාස හතක් වයසැති අත දරුවා කිරි ඉල්ලා හඬා වැටෙද්දී ගම්පොළ සිංහාපිටිය ප්‍රදේශයේ පදිංචි එක් දරු මවක රංචු ගැසී සමූහ දූෂණයකට හා බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ දස දෙනකු ලබන මාර්තු මස 3 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොළ මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු චාන්දනී මීගොඩ නියෝග කළාය. මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත වූවන් දස දෙනාම සිංහාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන්ගෙන් 9 දෙනකුම විවාහකයෝ වෙති.
මොවුන් අතර යුද හමුදා සෙබළෙක්, ගම්පොළ නගරයේ හා සිංහාපිටිය ප්‍රදේශයේ ත්‍රීවීල් හයර් කරන 7 දෙනකු හා පෙදරේරුවන් දෙදෙනකුද සිටින බව පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ. 31 හැවිරිදි මෙම මවට මාස 7ක අත දරුවකු සිටින අතර ඇගේ සැමියා යුද හමුදා සේවයේ සිටියදී බිම් බෝම්බයක් පුපුරා පාදයක් ඉවත් කොට තිබේ.
මොහු නිවෙසේ නොසිටි අවස්ථා 3කදී මෙම සැකකරුවන් එක්ව ඇය හා දරුවා මරන බවට තර්ජනය කොට ඇය දූෂණය කළ බව විමර්ශනවලින් හෙළිවී තිබේ.
නිවෙස පිටුපස ජල නළයෙන් මෙම කාන්තාව දිය නෑමට සූදානම් වූ අවස්ථාවේ මෙම සැකකරුවන් පැමිණ ඇය දූෂණය කර ඇති අතර ඒ අවස්ථාවේ නිවෙසේ සිටි අත දරුවා කිරි ඉල්ලා හඬා වැටී ඇති බවත් මොවුන්ගේ ග්‍රහණයට නතු වී සිටි කාන්තාව ඒ බව පවසා දරුවාට කිරි දීමට ඉඩදෙන ලෙස ඉල්ලුවද සැකකරුවන් ඇයව බරපතළ ලිංගික අපයෝජනයට සහ දූෂණයට ලක් කළ බව පැමිණිල්ලේ සඳහන් කොට ඇත.
පසුව ඇය සිහිසුන්ව බොහෝ වේලාවක් එම ස්ථානයේ සිට නිවෙස තුළට පැමිණි බවත් ඉන්පසු කිසි දෙයක් සිදු කර ගැනීමට නොහැකිව නිවෙසේ සිටියදී සැමියා පැමිණ ඇති බවත් සැමියා මේ පිළිබඳ විමසුවද තම දරුවා හා සැමියා මරන බවට සැකකරුවන් තර්ජනය කළ නිසා මේ සම්බන්ධව කිසිවක් නොපවසා සිටියද සැමියා තමාට පහරදී විමසීමේදී සිදුවූ සියල්ල පැවැසූ බවද පැමිණිල්ලේ සඳහන් වේ.
Related