අලුත් පක්ෂයේ තීරණාත්මක සාකච්චාවක් ඊයේ රාත්‍රී මිරිහානේ - මහින්දගේ නායකත්වය ස්ථීරයි

ඒකාබද්ධ විපක්‍ෂය හා ශ්‍රීලනිපයෙන් ආණ්‌ඩුවට එක්‌ව සිටින මන්ත්‍රීවරුන් එක්‌ව පිහිටුවීමට නියමිත අලුත් පක්‍ෂය පිළිබඳ අවසන් සාකච්ඡාව ඊයේ (08) රා...

ඒකාබද්ධ විපක්‍ෂය හා ශ්‍රීලනිපයෙන් ආණ්‌ඩුවට එක්‌ව සිටින මන්ත්‍රීවරුන් එක්‌ව පිහිටුවීමට නියමිත අලුත් පක්‍ෂය පිළිබඳ අවසන් සාකච්ඡාව ඊයේ (08) රාත්‍රියේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මිරිහානේ පිහිටි රාජපක්‍ෂ මහතාගේ නිවසේදී පැවැති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම සාකච්ඡාවට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන දැනට පාර්ලිමේන්තුවේ සිටින හා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් විශාල පිරිසක්‌ සහභාගි වී ඇති බවද වාර්තා වේ.

නව පක්‍ෂයේ ලාංඡනය හා පක්‍ෂ කාර්යාලයේ ලිපිනය මෙන්ම නව විපක්‍ෂයේ නිලධාරි මණ්‌ඩලය පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවසන් එකඟතාවන් ඇති කර ගත් බවද පක්‍ෂයේ නායකත්වය මහින්ද රාජපක්‍ෂ මහතා භාරගත යුතු බව සාකච්ඡාවට සහභාගි වූ සියලු දෙනාගේ ඒකමතික තීරණය වූ බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

නව පක්‍ෂය ඉදිරි දෙසතිය තුළ ලියාපදිංචි කිරීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන් වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2805972019485169428

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item