කට වාචාල කමට නන් දොඩවන එස්.බී.ට දිනේෂ්ගෙන් මොලේ ඇති පිළිතුරක්

මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් මීගමුවේ ඉකුත් දා පැවති හිටපු පළාත් පාලන නියෝජිතයින්ගේ සමුළුව සම්බන්ධයෙන් අමාත්‍ය එස්.බී. දිසානායක කළ ...

මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් මීගමුවේ ඉකුත් දා පැවති හිටපු පළාත් පාලන නියෝජිතයින්ගේ සමුළුව සම්බන්ධයෙන් අමාත්‍ය එස්.බී. දිසානායක කළ අභියෝගයට ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රතිචාර දැක්වූවා. 

ඒකාබද්ධ විපක්ෂය මුලින් ප‍්‍රකාශ කළේ මෙම සමුළුවට හිටපු පළාත් පාලන නියෝජිතයින් 1401 දෙනෙකු සහභාගි වූ බවයි. එහෙත් අදාළ සංඛ්‍යාලේඛන අසත්‍ය බවත් හැකිනම් ඒවා සත්‍ය බව ඔප්පු කරන ලෙසත් ඊයේ (15) පැවැත් වූ මාධ්‍ය හමුවකදී එස්.බී. දිසානායක අභියෝග කළා. 

අමාත්‍ය එස්.බී. දිසානායකගේ මෙම අභියෝගයට ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් ප‍්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන පැවසුවේ ඒ සම්බන්ධයෙන් ඔවුන් කලබල විය යුතු නැති බවයි. 

"එස් බී දිසානායක මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්වරයෙක්, දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරිකවරයායි. ඉතින් එතුමා මීගමුව කොච්චිකඩේ පැවැත්වූ සමුළුවට රැස්වුණු පළාත් පාළන සභිකයන්ගේ ප්‍රමාණය පිළිගන්නේ නැහැ කියන එක ගැන අපි පුදුම වෙන්නේ නැහැ.

මොකද එස් බී දිසානායක මැතිතුමා ඇතුළු ඒ අය මොනවත් පිළිගන්නේ නැහැ මේ සිදුවෙන දේවල්. ඒ නිසා අපි කිසිම කළබලයක් වෙන්නේ නැහැ. එතුමාට අපි ඔප්පු කරන්න දෙයක් නැහැ මහජන බළවේගය කුමක්ද කියලා".

මේ අතර ජනතාව අලූත් පක්ෂයක් ඉල්ලා සිටින බවද ඊට නායකයෙකු සොයමින් සිටින බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියා. මහින්ද රාජපක්ෂ මහතා ඒ බව කියා සිටියේ ඊයේ පෙරවරුවේ අළුත්ගම මොරගල්ල මුහුදු වෙරළේ ශාරීරික ව්‍යායාම්වල යෙදී සිටියදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු වශයෙන්. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9066769792458798266

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item