විජයගේ මළගමට ආපු නැති තුන් දෙනෙක් ඉන්නවා. ඒ ප්‍රභාකරන්, රෝහණ විජේවීර, අනුර - චන්ද්‍රිකා

විජය කුමාරතුංග ඝාතනයෙන් පසු චන්ද්‍රිකා කුමාරතුංග රටින් පිටව යන තෙක්ම මාධ්‍යවලට අදහස් දැක්විමෙන් හා සම්මුඛ සාකච්ජා ලබා දීමෙන් වැළකී සිටි...


විජය කුමාරතුංග ඝාතනයෙන් පසු චන්ද්‍රිකා කුමාරතුංග රටින් පිටව යන තෙක්ම මාධ්‍යවලට අදහස් දැක්විමෙන් හා සම්මුඛ සාකච්ජා ලබා දීමෙන් වැළකී සිටියාය. ඒ අතරතුර මට ඇයගෙන් පණිවිඩයක් ලැබුණි.

"මම කිසිම පත්තරේකට ඉන්ටර්විව්ස් දෙන්නනේ නැහැ. ඒත් ඔයා ඔයාගේ සරසි පත්තරේ මගේ ඉන්ටර්විව් එකක් පළ කරන්න" 

සරසි යනු එකළ මා විසින් සංස්කරණය කර මා විසින්ම බර පැන දරා ප්‍රකාශනය කරනු ලැබු ජනප්‍රිය සිනමා පුවත් පතකි. එය දිනපතා හෝ සතිපතා පළවන ජාතික පුවත්පත් ප්‍රවාහයට එක් නොවු ටැබ්ලොයිඩ් පුවත්පතක් ලෙස සැලකුනි.

සාකච්ජාව 1988 මාර්තු 10 වැනිදා සරසි පුවත් පතේ පළ විය. එහිදි ඈ දැක්වු විශේෂ කරුණුවලින් එකක් වුයේ ඇගේ මේ වදන්ය.

"විජයගේ මළගමට ආපු නැති තුන් දෙනෙක් ඉන්නවා. ඒ වෙළුපිල්ලේයි ප්‍රභාකරන්, රෝහණ විජේවීර, අනුර බණ්ඩාරනායක යන තුන් දෙනා"

ඇත්තටම ඇයට කියන්නට ඕන වී තිබුණේ ප්‍රභාකරන් හෝ විජේවීර ගැන නොවේ. එක් කුස උපන් තමන්ගේම සහෝදරයා වු අනුර බණ්ඩාරනායක ගැනය. ඊට පසු දිනෙක ඇත්ත පුවත්පත සරසි පුවත්පතේ පළවු සාකච්ජාව සරසියෙන් උපුටාගෙන පිටුවක් පුරා පළකොට තිබුණි.

චන්ද්‍රිකාගේ මේ වදන් මට සිහිපත් වුයේ හිටපු ජනපති මහින්ද, විජයගේ මළගමට නොපැමිණි බව ඇය ප්‍රකාශ කොට තිබු නිසාය. එය බොරුවකි. මහින්ද, විජයගේ සමීප මිතුරෙකු නොවුනත්, ඔහු සලකනු ලැබුවේ විජයගේ දේශපාලන මිතුරෙකු ලෙසයි. ඔහු පොල්හේන්ගොඩ නිවසට පැමිණ විජයගේ දේහයට ගෞරවාචාර දැක්වු අතර බොහෝ වේලාවක් රැඳී සිටියේ ය. චන්ද්‍රකාගේ බොරුව දේශපාලන ද්වේශයෙන් පැන නැගී ඇති බව අමුතුවෙන් කීව යුතු නැත.

චන්ද්‍රිකා පවුල් ජීවීතයේ දීත්, දේශපාලන ජීවීතයේ දීත් විජයට සැළකු හැටි විජයගේ මිතුරෝ ද, දේශපාලන සගයෝ ද හොඳින් දනිති. පෞද්ගලික ජීවීතය පැත්තකින් තියමු. තමන්ම එක් වී පිහිටුවා ගත් මහජන පක්ෂය තුළ විජයගේ ජනප්‍රියත්වය සහ ඔහුගේ දේශපාලන ප්‍රතිරූපය යටපත් කරන්නට ඇය දැරු වෑයම් ගැන පක්ෂයේ ඉහල මට්ටමේ සිටි නායකයින් පමණක් නොව සාමාන්‍ය මට්ටමේ පාක්ෂකයින් පවා දැන සිටි බව සඳහන් කළ යුතුය.

සරසි පුවත්පතේ අනුග්‍රහයෙන් අපි විජය පිළිරුව නිර්මාණය කළෙමු. එය නිර්මාණය කළේ රෝහණ ධර්මසේන නම් තරුණ මුර්ති ශිල්පියාය. පිළිරුවට වුව ජවිපෙ මරු ප්‍රහාරයක් එල්ල වේ යැයි බියෙන් අපට එය පානදුරේ නිවසක සඟවා නිර්මාණය කරන්නට මාස කිහිපයක් ගත විය. පිළිරුව හදද්දී අපි විජයගේ මව කැඳවාගෙන ගොස් එම රුව පෙන්වුයෙමු. ඒ පිළිබඳ වාර්තා සරසි පුවත් පතේ පළ කළෙමි. පිළිරුව කොළඹට ගෙන ආවේ වැලි ලොරියක සඟවාගෙනය. එය ගෙන එන ගමනේ දී ආරක්ෂාවට යුධ හමුදා භට කණ්ඩායමකගේ සහය ගන්නට ද සිදු විය.

පිළිරුව පිහිටුවන ලද්දේ ඒ වන විට විජයගේ මව පදිංචිව සිටි (විජය හා චන්ද්‍රිකා ජිවත් වු) පොල්හේන්ගොඩ නිවස ඉදිරිපිටය.

ඊට පෙර විජය - මව සමඟ දිර්ඝ කාළයක් පදිංචිව සිටියේ තලකොටුව නිවසේය. මියයන තෙක්ම මවට ජීවත් වීම සඳහා තලකොටුව නිවස වෙන් කිරීම විජයගේ බලාපොරොත්තුව විය. විජයගේ මරණයෙන් පසු චන්ද්‍රිකාට හිමිවන තලකොටුව නිවස ඇය විකුණා දමන බව විජයගේ මිතුරෝ දැන සිටියහ. ඒ නිසා බියට්‍රිස් කුමාරතුංග මාතාව විජයගේ මරණයෙන් පසු පොල්හේන්ගොඩ නිවසේ පදිංචියට කැඳවා ගෙන එනු ලැබීය. තවත් මුදල් ප්‍රමාණයක් ගෙවීමට තිබු නිසා මියයන විට විජයට පොල්හේන්ගොඩ ඔප්පුව ලැබී තිබුණේ නැත. විජයගේ මිතුරෝ එකතු වි එම මුදල් ගෙවා ඔප්පුව ලබා ගන්නට කටයුතු කළහ.

පොල්හේන්ගොඩ නිවස ඉදිරිපිට පිළිරුව පිහිටවිය යුතු බව යෝජනා කරන ලද්දේ ඔසී අබේගුණසේකර විසිනි.

"මේ නිවස විජයගේ අම්මා නැතිවුන කාලෙක අපි විජය නමින් කෞතුකාගාරයක් හදමු. නැත්නම් චන්ද්‍රිකා මේ ගේත් විකුණා ගනිවී"

ඔසී අප සමග කීවේය. එම ප්‍රතිමාවේ පහලින් රෝහණ ධර්මසේන, ඔසී අබේගුණසේකර, වයි. පි. ද සිල්වා හා සරසි පත්‍රය වෙනුවෙන් මගේ නම ද සටහන් කොට තිබුණි.

විජයගේ සිනමා රසිකයින් හා දේශපාලන අනුගාමිකයින් එම පිළිරුව දැකගන්නටත්, විජය වෙඩි වැදුන ස්ථානය නැරඹීමටත් පැමිණියහ. විජයගේ මරණයෙන් පසු අවුරුදු දෙකක් පුරා හැම මාසයකම 19 වෙනිදාට විජය වෙඩි වැදුන ස්ථානයේ නිල් මහනෙල් මල් පොකුරක් තබා ඔහු සිහිපත් කිරිම මගේ පුරුද්ද විය.

පිළිරුව ගොඩ නැගීම පිළිබඳ චන්ද්‍රිකා දැක්වු විරෝධය අපට දැනගන්නට ලැබුණි. ලන්ඩන් නුවර සිට ආපසු පැමිණිමෙන් පසුව වුව ද චන්ද්‍රිකා එම පිළිරුව බලන්නට ආවේ නැත. වතාවක් පොල්හේන්ගොඩ පාරෙන් ගිය මැයි පෙළපාලියේ ගමන් ගත් ඇය පිළිරුව නොදුටුවා සේ ගමන් කරනු අපි දුටුවෙමු.

චන්ද්‍රිකා විධායක ජනපතිනිය වු පසු කළේ කුමක්ද? පිළිරුව ගලවා සීදුවට ගෙන යාමයි. විජය වෙඩි වැදුණු ඔහුගේ පොල්හේන්ගොඩ නිවස විකුණා දැමීම යි. ඔසී අබේගුණසේකරගේ නම ඇතුළු ගලේ කොටා තිබු නම් මකා දමනු ලැබීය.

එබැවින් ඇය විජය සැමරුම් ගැන ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටිය යුතුයි.

තම සැමියාට වෙඩි වැදුණු මොහොතේ ඒ දෙස එක් වරක් හෝ නොබලා ගේට්ටුව වසා අගුල් දමා ගෙය ඇතුලට දුවගොස් උඩ තට්ටුවේ සැඟවුනු බිරිඳකගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකි ද? ඇය ඊළඟට කෙලින්ම ගියේ රොහලට නොවේ. රොස්මීඩ් වලව්වටය. මිය ගොස් සිටි විජය බලන්නට චන්ද්‍රිකා එන විට විජය බලන්නට දහස් සංඛ්‍යාත පිරිසක් මෘත ශරීරාගාරය අවට රැස් වී බොහෝ වේලා ගතවෙලා ය.

තම සැමියා ඝාතනය කළ මිනිමරු පක්ෂය සමග එකට දේශපාලන වේදිකාවේ අත්වැල් බැඳ ඔවුන්ට ඇමතිකම් ලබා දුන් දේශපාලන නායිකාවකගෙන් මීට වඩා බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද?



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8398149032908704368

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item