මෛත්‍රී - රනිල් මරන්න 'ෆේස්බුක් ඔස්සේ අදහස් දැක්වූ' සූමාල් සොයයි [VIDEO]

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඝාතනය කිරීම හා ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක් ෆේස්බුක් ගිණුමක් මඟින් සැළසුම් ...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඝාතනය කිරීම හා ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක් ෆේස්බුක් ගිණුමක් මඟින් සැළසුම් කළ බව කියන පුද්ගලයකු මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය ඊයේ (19) ආගමන විගමන පාලකවරයාට නියෝග කර තිබෙනවා.

සැකකරු 2013 වසරේ ජූනි මස 13 දින මැලේසියාවට ගොස් එහි සිට ජනාධිපති සහ අගමැති ඝාතනය කිරීමට සැළසුම් කිරීම හා රාජ්‍ය පෙරළීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සලකා මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය කළේය.‍

අන්තර්ජාලයේ පවත්වාගෙන යන “සූමාල් ලක්මන” නැමැති ෆේස්බුක් වෙබ් අඩවියේ ඉකුත් දා වීඩියෝ දර්ශනයක් ඇතුළත් කර ඇති බවත්, එහි උපැස් යුවළක් පැළඳ සිටින දිගු කොණ්ඩයක් හා රැවුලක් සහිත පුද්ගලයකු රථයක් පදවමින් වීඩියෝ ගතකරන දර්ශනයක් තිබූ බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

එම දර්ශනයේ සිටින පුද්ගලයා විසින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඝාතනය කළ යුතු බවත්, බලයට පත්වූ ශ්‍රී ලංකා රජය ඉවත් කළ යුතු බවත්, පෙර සිටි රාජ්‍ය නායකයින් ඝාතනය කළ ආකාරයට දැනට සිටින ඉහළ නායකයින් දෙපළ ඝාතනය කළ යුතු බවත් සඳහන් කර තිබෙනවා.

මේ සඳහා එඩිතර රණවිරුවන්ට ඉදිරිපත් වන ලෙසට ආයාචනයක් ද ගිණුම හරහා සිදුකර ඇති බව පැවසූ රහස් පොලිසිය මෙමඟින් ආරක්ෂක අංශ අයුතු ලෙස පොළඹවා ගැනීමක් සිදුව ඇති බවට අධිකරණයට කරුණු දක්වනු ලැබුවා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 183068743075117602

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item