භාණ්ඩ 10ක පාලන මිල ඉවතට - මිල ඉහල යාමක් ? -සීනි හිගයක් - සතොසෙන් එක කිලෝ එක බැගින්
පාරිභෝගික භාණ්ඩ 10 ක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය සැරසෙන බව වාර්තා වේ. භාණ්ඩ 10ක සහතික මිල ඉවත් කිරීමට එකඟ වූ බව අත්‍යාවශ...

http://www.sathhanda.com/2016/03/10.html
පාරිභෝගික භාණ්ඩ 10 ක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය සැරසෙන බව වාර්තා වේ.
භාණ්ඩ 10ක සහතික මිල ඉවත් කිරීමට එකඟ වූ බව අත්‍යාවශ්‍ය සිල්ලර වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති බන්දුල ජයමාන්න සනාථකර සිටී.
පසුගියදා කර්මාන්ත හා වානිජ අමාත්‍යංශය සමඟ පැවැති සාකච්ඡාවකදී මේ එකඟතාව ලබාදී දුන් බවද ඔහු පවසයි.
ඒ අනුව ආනයනික හාල් මැස්සන්, පරිප්පු, සීනි, තිරිඟු පිටි, මුංඇට, උම්බලකඩ, කහකුඩු වියලි මිරිස්, කොත්තමල්ලි හා උඳු සඳහා පනවා තිබූ සහතික මිල මෙසේ ඉවත් කිරීමට එකඟවී ඇතැයි පැවසේ.
කෙසේවුවද, පාලන මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් ලිඛිතව දැනුම්දී නැති බවද ජයමාන්ත කියා සිටියේය.
මේ අතර සතියක පමණ සිට ලක් සතොස අලෙවිසැල්වල සීනි හිඟයක් පවතින බවත් සීනි මිල පහළ යාමට ඇති ඉඩකඩ මෙයට හේතුව බවත් කියති. මේ වන විට සියලු සතොස අලෙවිසල් මගින් නිකුත් කෙරෙනුයේ එක් සීනි කිලෝව බැගින් බවත් පාරිභෝගිකයෝ පවසති.
Related